CLOSE

හංගේරියාවේ බුඩාපේස්ට්හි පැවැති World Athletics Ultimate Championship තරගාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් මීටර් 91.09ක විශිෂ්ට දුරක් වාර්තා කරමින් පළමු ස්ථානය දිනා ගත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩක රුමේෂ් තරංග අද (15) උදෑසන දිවයිනට පැමිණියේය.

ඔහු සතු හෙල්ල 5ක් ගුවන් මගින් ගෙන ඒමේදී කැඩී හානිවී ඇති බව වාර්තා වෙයි.

රුමේෂ් තරංග අද අලුයම 5:10ට තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට තුර්කි ගුවන් සේවයේ ටී.කේ.- 730 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.

 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.