ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (14) පෙ.ව. 10.00ට සිට ප.ව. 11.30 දක්වා බල පැවැත්වෙන පරිදි නිකුත් කර තිබේ.
වෙඩි වැදීමෙන් මියගිය හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න ගේ සිරුර අතුරුගිරිය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ තිබී සොයාගෙන ඇත.
මෙය සියදිවි නසාගැනීමක් බවට සැකපළ කෙරේ.
වෙඩිවැදීමෙන් අනතුරුව ඔහු අද (17) උදෑසන මුල්ලේරියාව රෝහලට රැගෙන ගොස් ඇති අතර, ඒ වනවිට ඔහු මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.
වසර 30කට අධික කාලයක් පොලිස් සේවයේ කටයුතු කර තිබූ සී.ඩී. වික්‍රමරත්න මෙරට 35වැනි පොලිස්පතිවරයා වේ.
පොලිස්පති ධුරයට පත්වීමට පෙර වික්‍රමරත්න දකුණු පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස සේවය කළේය.
පාස්කු බෝම්බ ප්‍රහාර සිද්ධියෙන් පසු එවක පොලිස්පති පූජිත් ජයසුන්දර අනිවාර්ය නිවාඩු යැවීමෙන් පසු වික්‍රමරත්න වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කරන ලදි.
ඉන් අනතුරුව 2020 නොවැම්බර් 25වැනිදා එම තනතුරේ ස්ථිර කරන ලද අතර, 2023 නොවැම්බර් 25 වැනිදා විශ්‍රාම යන තෙක් පොලිස්පතිවරයා ලෙස කටයුතු කළේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (14) පෙ.ව. 10.00ට සිට ප.ව. 11.30 දක්වා බල පැවැත්වෙන පරිදි නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අනුරාධපුර නගර සභා ක්‍රීඩාංගණයේදී ඊයේ (12) සංවිධාන කළ ‘ජන සටන’ මහා රැලිය වෙත එම පක්ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විශේෂ පණිවිඩයක් යොමුකර තිබුණි.
ශ්‍රී ලංකා නාවික හමුදාව, 2026 සැප්තැම්බර් මස 01 සිට 11 දක්වා කාල සීමාව තුළ දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්; තහනම් ධීවර දැල්, නීති විරෝධි පන්නක්‍රම සහ වින්ච් යන්ත්‍ර හා ට්‍රැක්ටර් රථ භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයන් 63ක් නීතියේ රැහැනට හසුකර ගෙන තිබේ.