විමල් ගේ 'නැත්ත වෙනුවට ඇත්ත’ නිසා ටිල්වින් සිල්වාට රු. මිලියනයක් වන්දි ගෙවීම ස්ථිරයි
'නැත්ත වෙනුවට ඇත්ත’ නමින් පොතක් මුද්‍රණය කිරීමෙන් විමල් වීරවංශ බුද්ධිමය දේපළ පනත උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් රුපියල් මිලියන 1ක හානි පූර්ණයක් ටිල්වින් සිල්වාට ගෙවන ලෙසට කොළඹ වාණිජ මහාධිකරණය දී තිබූ නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය අද ස්ථිර කළේය.