CLOSE

පනස් අටදහස් තුන්සිය හතරකට 2015 වර්ෂයේ සිට 2020 දක්වා ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබාදී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අද (18) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

එම කාලයේදී ද්විත්ව පුරවැසිභාවය සඳහා 63917 දෙනකු ඉල්ලුම්පත් ඉදිරිපත් කර තිබූ බව ද ඔහු කීවේය.

ඒ අනුව, ද්විත්ව පුරවැසිභාවය නිකුත් කර ඇත්තේ මෙලෙසිනි,

* 2015 - 16184
* 2016 - 13933  
* 2017 - 8881  
* 2018 - 8747  
* 2019 - 7405 
* 2020 - 3154

ආරක්ෂක අමාත්‍යවරයා මෙසේ පැවසුවේ සමග ජන බලවේගයේ  ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.