සරම්ප නිසා බංග්ලාදේශයේ ළමුන් දහසකට වඩා මරුට
බංග්ලාදේශය පුරා පැතිර යමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් ළමුන් 1,000කට අධික පිරිසක් මියගොස් ඇති අතර, හදිසි එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කළද නව ආසාදිතයන් වාර්තා වීම යළි ඉහළ යමින් පවතී.
සැත්කමක් සඳහා රෝගියෙකු නිර්වින්දනය කිරීමෙන් පසු එම රෝගියා සැත්කම් මේසය මත සිටියදීම, හෙදියක් සමඟ ලිංගිකව හැසිරීමට වෙනත් කාමරයකට ගිය වෛද්‍යවරයෙක් ගේ ක්‍රියාව එක්සත් රාජධානියේ වෛද්‍ය විනිශ්චය සභාවක් විසින් විභාග කර තිබේ.
44 හැවිරිදි වෛද්‍ය සුහයිල් අන්ජුම් සහ නම් නොකළ හෙදිය "ලිංගික ක්‍රියාවක" යෙදී සිටිය දී හසු වී තිබුණේ මැන්චෙස්ටර් හි ටේම්සයිඩ් රෝහලේ ම සේවයේ නියුතු තවත් හෙදියකට ය.
2023 සැප්තැම්බර් මාසයේදී සිදුවූ මෙම සිදුවීම අනාවරණය වූයේ වෛද්‍ය අන්ජුම් -පකිස්ථානයේ ජීවත් වූ- නැවත එක්සත් රාජධානියේ සේවය කිරීමට අයදුම් කිරීමෙන් පසුව ඔහුගේ වෘත්තීය හැසිරීම පිළිබඳ නිල ඇගයීම් අතරතුරේ දී ය.
මැන්චෙස්ටර් හි පැවති නඩු විභාගයේදී වෛද්‍ය සභාව (GMC) විසින් ඔහුට එරෙහිව ඉදිරිපත් කරන ලද සාක්ෂි ඔහු අභියෝගයට ලක්කළේ හෝ ප්‍රතික්ෂේප නොකළ අතර, ඔහුගේ හැසිරීම 'ලැජ්ජා සහගත' බව පැවසීය.
කෙසේවෙතත්, වෛද්‍ය අන්ජුම් සැත්කම් ස්ථානයෙන් බැහැරව සිටියදී රෝගියාට කිසිදු හානියක් සිදු නොවූ බවත්, සැත්කම එතනින් පසුව වෙනත් සිදුවීමකින් තොරව කෙරී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නඩු විභාගය සිකුරාදා(12) දිනයේදීත් පැවැත්වීමට නියමිත ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බංග්ලාදේශය පුරා පැතිර යමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් ළමුන් 1,000කට අධික පිරිසක් මියගොස් ඇති අතර, හදිසි එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කළද නව ආසාදිතයන් වාර්තා වීම යළි ඉහළ යමින් පවතී.
පිලිපීනයේ මගී නෞකාවක ගින්නක් හටගැනීමෙන් පුද්ගලයන් පස්දෙනෙකු මියගොස් තවත් 86 දෙනෙකු අතුරුදන්ව තිබේ.
ඉන්දියාවේ නවදිල්ලි නුවර සත්‍ය නිකේතන් ප්‍රදේශයේ පස්මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් මියගිය සංඛ්‍යාව 6 දක්වා ඉහළ ගොස් තිබේ.