ළමුන් හා කතුන්ගේ ඡායාරූප අසභ්‍ය ලෙස පළ කළ තරුණයෙක් අත්අඩංගුවට
ළමුන්ගේ හා කාන්තාවන්ගේ ඡායාරූප අසභ්‍ය ආකාරයෙන් පළකරමින් Facebook Groups/Page පවත්වාගෙන යනු ලැබූ සැකකරුවෙකු පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයේ සහ විදේශ විනිමය ගලා ඒමේ දැවැන්ත හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින්, ලොව ප්‍රමුඛතම මාර්ගගත ගෙවීම් පද්ධතියක් වන PayPal හරහා සෘජුවම ශ්‍රී ලංකාවට මුදල් ගෙන්වා ගැනීමේ පහසුකම ස්ථාපිත කිරීමට රජය තීරණය කර ඇත.
වසර ගණනාවක් පුරා මෙරට ව්‍යාපාරික ප්‍රජාව, තොරතුරු තාක්ෂණ වෘත්තිකයින් සහ නිදහස් සේවකයින් විසින් සිදුකළ ඉල්ලීම් සහ ඔවුන්ගේ බලවත් අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් රජය මෙම සේවාව ආරම්භ කිරීමට කටයුතු කර තිබේ.
ඒ අනුව එළඹෙන මැයි මස 15 වනදා සිට මෙම සේවාව ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
මීට පෙර PayPal හරහා මෙරටට මුදල් ගෙන්වා ගැනීමට පැවති නීතිමය සහ තාක්ෂණික බාධා ඉවත් කිරීම සඳහා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව සහ මෙරට පෞද්ගලික බැංකු පද්ධතිය එක්ව පසුගිය කාලය පුරා සිදුකළ සාකච්ඡා සාර්ථක වීමත් සමඟ මෙම අවස්ථාව උදා වී තිබේ.
මින් ඉදිරියට විදේශීය සේවාදායකයින්ගෙන් ලැබිය යුතු ගෙවීම් ලබා ගැනීම සඳහා ව්‍යාජ විදේශීය ලිපින භාවිත කිරීමට හෝ අවධිමත් මුදල් හුවමාරු ක්‍රම මත යැපීමට මෙරට ව්‍යවසායකයින්ට අවශ්‍ය නොවන බව රජය පෙන්වා දෙයි.
මෙම පද්ධතිය සක්‍රීය වීමත් සමඟ අන්තර්ජාලය ඔස්සේ සේවා සපයන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට තම ගෙවීම් සෘජුවම මෙරට බැංකු ගිණුම් වෙත ලබා ගැනීමට හැකි වන අතර, එමඟින් රටට ලැබෙන නිල විදේශ විනිමය ප්‍රමාණය ද ඉහළ යනු ඇත.
මහ බැංකුවේ පූර්ණ නියාමනය යටතේ ක්‍රියාත්මක වන මෙම ක්‍රියාවලිය හරහා විනිවිදභාවයකින් යුතුව ගනුදෙනු සිදු කිරීමට අවස්ථාව ලැබෙන අතර, අදාළ උපයීම් සඳහා රජයට හිමිවිය යුතු බදු ආදායම් ද ක්‍රමවත්ව ලබා ගැනීමට මින් මඟ පෑදේ.
මැයි 15 වනදා සිට ක්‍රියාත්මක වන මෙම නව සේවාව ශ්‍රී ලංකාවේ ඩිජිටල් වාණිජ ක්ෂේත්‍රයේ නව පිම්මක් වනු ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ළමුන්ගේ හා කාන්තාවන්ගේ ඡායාරූප අසභ්‍ය ආකාරයෙන් පළකරමින් Facebook Groups/Page පවත්වාගෙන යනු ලැබූ සැකකරුවෙකු පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
නේපාලයේ පවතින හදිසි තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් සහ ආරක්ෂිතව පසුවන ලෙස එරට සිටින ශ්‍රී ලාංකිකයන්ට කත්මන්ඩුහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දි තිබේ.
රාජකාරී වේලාවන් තුළ සමාජ මාධ්‍ය භාවිතය ඔස්සේ දුම්රිය මෙහෙයුම් කටයුතුවල සංවේදී තොරතුරු සමාජගත වීම වැළැක්වීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.