විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසර දෙකකින් දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය
අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සියයට පනස් එක ලෑස්ති වුණොත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ තමා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක ධම්මික පෙරේරා පැවසීය.
පක්ෂය තමාට කොන්දේසි දහයක් දුන් බවත් එම කොන්දේසි අනුව තමාගේ සැලසුම් සියල්ල සකස් කර අවසන් බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
එම කොන්දේසි දහය අනුව රක්ෂා හදන්නේ කොහොමද ආර්ථිකය ගොඩ දාන්නේ කොහොමද යන්න සම්බන්ධයෙන් සැලසුම් සකස් කළ බවද ඔහු කීවේය.
ධම්මික පෙරේරා මෙසේද පැවසීය.
"මම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක්. අපි බලමු මොකද වෙන්නේ කියලා. ජනාධිපතිවරණයට තව දවස් 115 ක් තියෙනවා"
lankadeepa.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැරේ කාවඩි නර්තනය සම්බන්ධයෙන් මතුව තිබූ මතභේදාත්මක තත්ත්වයට විසඳුමක් ලබා දෙමින්, පසුගිය වසරේ පෙරහැරට සහභාගි වූ කාවඩි නර්තන කණ්ඩායම් 45ටම මෙවරද එක්වීමට අවසර ලබාදීමට තීරණය කර තිබේ.
වන අලි කළමනාකරණ රාජකාරි කටයුතු හා අනෙකුත් ක්ෂේත්‍ර රාජකාරි අවශ්‍යතා සඳහා යොදා ගැනීම සදහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මිලදී ගත් ඩබල් කැබ් රථ 16ක් සහ යතුරු පැදි 181 ක් එම දෙපාර්තමේන්තුව වෙත සංකේතාමකව භාරදීම පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි විසින් අද (27) දෙපාර්තමෙන්තු පරිශ්‍රයේ දී සිදු කෙරිණි.