CLOSE

මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව මේ වනවිට 64 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නවතම දත්ත අනාවරණය කරයි.

එම දත්තවලට අනුව, මෙම වසරේ මේ දක්වා මෙරටින් ඩෙංගු රෝගීන් 89,033 දෙනෙකු හඳුනාගෙන තිබේ.

එම සමස්ත රෝගීන් සංඛ්‍යාවෙන් 47,136 දෙනෙකු, එනම් සියයට 52.94ක්, බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇත.

දිස්ත්‍රික් මට්ටමින් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර, එහිදී රෝගීන් 18,922 දෙනෙකු හඳුනාගෙන ඇති අතර එය සමස්ත රෝගීන්ගෙන් සියයට 21.25කි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 17,679 දෙනෙකුද, මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 6,298 දෙනෙකුද වාර්තා වී තිබේ. එම සංඛ්‍යා පිළිවෙළින් සමස්ත රෝගීන්ගෙන් සියයට 19.86ක් සහ සියයට 7.07ක් වේ.

මේ අතර, දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශ 119ක් තවදුරටත් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස සෞඛ්‍ය බලධාරීන් විසින් හඳුනාගෙන තිබේ.

 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.