CLOSE

වසරේ ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු මරණ සංඛ්‍යාව 31 දක්වා ඉහළ ගොස් තිබේ.

ජුනි 25 සහ 26 යන දෙදින දත්ත පදනම් කරගනිමින් ජාතික ඩෙංගු මර්දන ඒකකය මේ බව සඳහන් කළේය.

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 51,049 දක්වා ඉහළ ගොස් ඇත.

ජුනි මාසයේදී පමණක් රෝගීන් 17,208ක් හඳුනාගෙන ඇත.

බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම හා නැගෙනහිර පළාත්වලින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි. 
 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.