CLOSE

වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 84,091ක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

ඊයේ (29) දිනය තුළ ‌ඩෙංගු මරණ වාර්තා වී නොමැති අතර, මෙතෙක් සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 61කි.

වැඩිම ‌ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම රෝගීන් සංඛ්‍යාව 17,850කි.

දෙවැනියට වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම රෝගීන් සංඛ්‍යාව 16,716ක් ලෙසද සටහන් වී තිබේ.

මේ අතර වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති පළාත් ලෙස බස්නාහිර පළාත තවදුරටත් පවතින අතර ඒ අනුව වසරේ මේ දක්වා බස්නාහිර පළාතෙන් වාර්තා වූ රෝගීන්ගේ සංඛ්‍යාව 44,552 ක් ලෙස සටහන් වී ඇත.
 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.