විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසර දෙකකින් දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය
අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
උතුරු ප්‍රදේශයේ ඉඩම් අයිතිය ඉල්ලා සිටින පවුල් 90,000කින් පවුල් 45,000කට කිසිදු ගැටළුවක් නොමැතිව ඔප්පු ලබාදීමේ හැකියාව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
එසේම, අනෙකුත් පවුල් 45,000 පිළිබඳ කඩිනමින් කටයුතු කරන ලෙස තමන් ආණ්ඩුකාරවරියට හා උතුරු පළාත් සභාවට උපදෙස් ලබා දී ඇති බවයි ජනාධිපතිවරයා කියා සිටින්නේ.
ඔහු මේ බව සඳහන් කර සිටියේ “උරුමය” සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ ජාතික වැඩසටහන යටතේ මන්නාරම දිස්ත්‍රික් ජනතාවට ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම වෙනුවෙන් මන්නාරම නගර ශාලා ශ්‍රවණාගාරයේ දී අද (16) පැවති උත්සවයට එක්වෙමිනි.
මෙම වැඩසටහන යටතේ මන්නාරම දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් ඉඩම් ඔප්පු 5000ක් ලබාදීමට නියමිත අතර ඉඩම් ඔප්පු 442ක් ප්‍රදානනය කිරීම අද දින සංකේතවත්ව ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.
මන්නාරම දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට පොහොර ලබාදීම වෙනුවෙන් මුදල් ලබාදීමට අදාළ චෙක්පත් ප්‍රදානයද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු විය.
පසුගිය අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් විනාශ වූ මන්නාරම දිස්ත්‍රික්කයේ කෘෂි වගාවන් වෙනුවෙන් කෘෂි රක්ෂණ වන්දි ප්‍රදානය කිරීම සහ ප්‍රදේශයේ ධීවර ජනතාවට ධීවර ආම්පන්න මිලදී ගැනීම සඳහා මුදල් ප්‍රතිපාදන ලබාදීමද මෙහිදී සිදු කෙරිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ,
''පසු ගිය මාසයේ මා උතුරට පැමිණි අවස්ථාවේදී මන්නාරමට පැමිණෙන බවට පොරොන්දු වුණා. මන්නාරම සංවර්ධනය පිළිබඳ අපට වැඩපිළිවෙළක් තිබෙනවා. උතුරු ප්‍රදේශයේ ඉඩම් අයිතිය ඉල්ලා සිටින පවුල් 90,000ක් පමණ සිටිනවා. එයින් පවුල් 45,000කට කිසිදු ප්‍රශ්නයක් නොමැතිව ඔප්පු ලබාදීමේ හැකියාව තිබෙනවා. අනෙකුත් පවුල් 45,000 පිළිබඳ කඩිනමින් කටයුතු කරන ලෙස මම ආණ්ඩුකාරතුමියට හා උතුරු පළාත් සභාවට උපදෙස් ලබා දී තිබෙනවා .
1935 වසරේ සිට මේ දක්වා පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා සෑම ජනකොටසකටම ඉඩම් ලබා දී තිබුනේ බලපත්‍ර වශයෙන් පමණයි. එනිසා මේ බලපත්‍ර ඕනෑම වෙලාවක අහෝසි කළ හැකියි. බලපත්‍ර ඉඩම්වලට සුරක්ෂිතභාවයක් නැහැ. ගොවීන් ගොවිතැන් කටයුතු කළත් ඔවුන්ට ඉඩම් හිමිකම ලැබුණේ නැහැ.
ඇතැම් ගොවි ජනතාව අවුරුදු 85ක් තිස්සේ ඉඩම් භාවිතා කර තිබෙනවා. මේ රටේ ඉඩම් අයිතිය නොමැති පවුල් ලක්ෂ 20ක් පමණ සිටිනවා. උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කළේ ඔවුන් වෙනුවෙනුයි.
කොවිඩ් වසංගතය නිසා වැඩිපුරම පීඩාවට පත් වුණේ සාමාන්‍ය ජනතාවයි. රට බංකොලොත්භාවයෙන් මිදෙන විට එහි වාසිය ජනතාවට ලබාදිය යුතුයි. විශේෂයෙන්ම, උරුමය වැඩසටහන නිසා යළිත් ජනතාවගේ දේපළවල වත්කම වැඩි වෙනවා. ආසියාවේ කිසිඳු රටක ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදී නැහැ. ඒ නිසා උරුමය වැඩසටහන රට තුළ සිදු කළ විප්ලවයක් ලෙස හඳුන්වා දිය හැකියි.
මීට අමතරව බස්නාහිර පළාතේ මහල් නිවාසලාභීන් දෙලක්ෂ පනස්දහසකට නිවාස හිමිකම ලබාදීමට ද අප පියවර ගන්නවා. ඒ වගේම ආර්ථික කඩා වැටීම හමුවේ පීඩාවට පත් ජනතාව වෙනුවෙන් රජයක් ලෙස කළ හැකි සෑම දෙයක්ම කරනවා.
එදා උතුරේ ජනතාවට යුද්ධය නිසා නිවාස, දේපළ හා ඉඩම් අත්හැර යාමට සිදුවුණා. එම ජනතාවට ජීවිතයේ පළමු වතාවට සින්නක්කර ඉඩම් අයිතිය හිමි වීමත් සමඟ සාමාන්‍ය ලෙස ජීවත් වීමේ අවස්ථාව දැන් උදා වී තිබෙනවා. ඔබට ලැබෙන මෙම ඉඩම් අයිතිය ආරක්ෂා කර ගන්නා ලෙස ද මා සියලුදෙනාගෙන් ඉල්ලනවා. එවිට ආර්ථිකමය වශයෙන් ඉදිරියට යාමට ඔබටත්, රටටත් අවස්ථාව ලැබෙනවා.''
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැරේ කාවඩි නර්තනය සම්බන්ධයෙන් මතුව තිබූ මතභේදාත්මක තත්ත්වයට විසඳුමක් ලබා දෙමින්, පසුගිය වසරේ පෙරහැරට සහභාගි වූ කාවඩි නර්තන කණ්ඩායම් 45ටම මෙවරද එක්වීමට අවසර ලබාදීමට තීරණය කර තිබේ.
වන අලි කළමනාකරණ රාජකාරි කටයුතු හා අනෙකුත් ක්ෂේත්‍ර රාජකාරි අවශ්‍යතා සඳහා යොදා ගැනීම සදහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මිලදී ගත් ඩබල් කැබ් රථ 16ක් සහ යතුරු පැදි 181 ක් එම දෙපාර්තමේන්තුව වෙත සංකේතාමකව භාරදීම පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි විසින් අද (27) දෙපාර්තමෙන්තු පරිශ්‍රයේ දී සිදු කෙරිණි.