CLOSE

2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් අත්කරදීමට සමත්වූ රුමේෂ් තරංග ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කෝප්‍රල් නිලයේ සිට සැරයන් නිලය දක්වා උසස් කිරීමට පියවර ගෙන ඇත.

අද (05) ගුවන් හමුදා මුලස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ විසින් ඔහුට මෙම උසස් වීම පිරිනමා තිබේ.

මෙයට අමතරව, රොමේෂ් තරංග ක්‍රීඩකයා වෙත විශේෂ මූල්‍ය ත්‍යාගයක් පිරිනැමීමට ද ගුවන් හමුදාපතිවරයා කටයුතු කර ඇති අතර, මෙම විශිෂ්ට ජයග්‍රහණය පිටුපස සිටි ඔහුගේ පුහුණුකරු වන ටෝනි ප්‍රසන්න ගේ හා භෞතික විකිත්ස කෝප්‍රල් වන්දිම ගුරුසිංහගේ සේවය ඇගයීමට ලක් කරමින් ඔහු වෙත ද මුදල් ත්‍යාග පිරිනැමීම සිදු කෙරිණි.   

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.