CLOSE

නව පරිසර පනත යටතේ ශබ්ද දූෂණය සම්බන්ධයෙන් කටයුතු කිරීමට නව රෙගුලාසි ගෙන ඒමට මධ්‍යම පරිසර අධිකාරීය පියවර ගෙන තිබේ.

එහි අධ්‍යක්ෂ ජෙනරාල් කපිල රාජපක්ෂ පැවසුවේ ඒ යටතේ ශබ්ද දූෂණය චෝදනාවට වරෙන්තුවකින් තොරව අත්අඩංගුවට ගත හැකි වරදක් ලෙස ප්‍රකාශයට පත් කරන බවයි.

ඒ අනුව, මෙම නව පනත මගින් ශබ්ද දූෂණය “සංඥෙය වරදක්” ලෙස නම් කර ඇති අතර, ශ්‍රී ලංකා නීතියට අනුව සංඥෙය වරදක් යනු අධිකරණ වරෙන්තුවක් නොමැතිව පොලිසියට සැකකරුවෙකු අත්අඩංගුවට ගත හැකි බරපතල ගණයේ වරදක් වේ.

වසර 26කට පසුව සිදුවූ මෙම පාරිසරික පනත් සංශෝධනය පිළිබඳව අදහස් දක්වමින් මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් කපිල රාජපක්ෂ සඳහන් කළේ, පුරවැසියන්ට පීඩාවක් වන පරිදි යම් පුද්ගලයෙකු ශබ්ද දූෂණයේ යෙදෙන්නේ නම්, වරෙන්තුවක් නොමැතිව එම තැනැත්තා අත්අඩංගුවට ගැනීමට නීතිමය අවකාශය ඉදිරියේදී ලැබෙන බවයි.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.