CLOSE

British Airways වසර 11කට පසු යළිත් ලන්ඩන් ගැට්වික් (LGW) – කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ (CMB) අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට සූදානම් කර තිබේ.

ඒ අනුව 2026 ඔක්තෝබර් 24 වැනිදා සිට, ශීත ඍතු කාලසීමාව පුරා සතියකට ගුවන් ගමන් තුනක් ක්‍රියාත්මක කිරීමට British Airways සැලසුම් කර ඇති අතර, මෙම සේවාවන් Boeing 777 ගුවන්යානා යොදාගනිමින් සිදු කෙරේ.

ගුවන් ගමන් කාලසටහන

BA 2045 | ලන්ඩන් ගැට්වික් → කොළඹ (සඳුදා, බදාදා සහ සිකුරාදා)
BA 2044 | කොළඹ → ලන්ඩන් ගැට්වික් (අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා)

ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංචාරක වෙළඳපොළක් වන එක්සත් රාජධානියෙන් පැමිණෙන සංචාරකයන් සඳහා වැඩි ගුවන් සම්බන්ධතා සහ පහසු ගමන් විකල්ප හිමි බව වාර්තා වේ.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.