හිරේ ඉඳන් නාමල් එවූ විශේෂ පණිවිඩය මෙන්න
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අනුරාධපුර නගර සභා ක්‍රීඩාංගණයේදී ඊයේ (12) සංවිධාන කළ ‘ජන සටන’ මහා රැලිය වෙත එම පක්ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විශේෂ පණිවිඩයක් යොමුකර තිබුණි.
ඇප මුදල් හෝ අධිකරණයෙන් නියම කළ දඩ මුදල් ගෙවීමට නොහැකි වීම හේතුවෙන් රැඳවියන් 3,371 දෙනෙකු වසර ගණනාවක් තිස්සේ බන්ධනාගාරවල රඳවා සිටින බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ නවතම විගණන වාර්තාවක සඳහන් වේ.
වාර්තාවට අනුව, දිවයින පුරා බන්ධනාගාර 28ක රැඳී සිටින සිරකරුවන් 1,940 දෙනෙකු දඩ මුදල් ගෙවීමට නොහැකි වීම නිසා නිදහස අහිමිව සිටින අතර, තවත් බන්ධනාගාර 21ක රැඳවියන් 1,431 දෙනෙකු ඇප මුදල් තැන්පත් කිරීමට නොහැකි වීම හේතුවෙන් තවදුරටත් රඳවා සිටී.
එමෙන්ම, ඇප ලබාදී මාස පහකට වැඩි කාලයක් ගතවී තිබියදීත් තවමත් බන්ධනාගාරවල රැඳී සිටින පුද්ගලයින් 325 දෙනෙකු පිළිබඳවද විගණන වාර්තාව අනාවරණය කරයි. මෙම තත්ත්වය පසුගිය වසර වන විට දිවයිනේ බන්ධනාගාර ආයතන 21කින් වාර්තා වී තිබූ බවද එහි සඳහන් වේ.
විගණන විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මූල්‍ය අපහසුතා පමණක් නොව, ඇතැම් රැඳවියන්ට ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීම සහ ඇප ලබාදීම සඳහා ඥාතීන් හෝ ඇපකරුවන් ඉදිරිපත් නොවීමද මෙම තත්ත්වයට බලපා ඇති ප්‍රධාන හේතු අතර වන බවයි.
ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙන්නේ, මෙලෙස ඇප සහ දඩ මුදල් ගෙවීමට නොහැකිව රැඳවියන් දිගු කාලයක් බන්ධනාගාරවල රඳවා තැබීම, බන්ධනාගාරවල පවතින අධික තදබදයට ප්‍රධාන හේතුවක් වී ඇති බවයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අනුරාධපුර නගර සභා ක්‍රීඩාංගණයේදී ඊයේ (12) සංවිධාන කළ ‘ජන සටන’ මහා රැලිය වෙත එම පක්ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විශේෂ පණිවිඩයක් යොමුකර තිබුණි.
ශ්‍රී ලංකා නාවික හමුදාව, 2026 සැප්තැම්බර් මස 01 සිට 11 දක්වා කාල සීමාව තුළ දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්; තහනම් ධීවර දැල්, නීති විරෝධි පන්නක්‍රම සහ වින්ච් යන්ත්‍ර හා ට්‍රැක්ටර් රථ භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයන් 63ක් නීතියේ රැහැනට හසුකර ගෙන තිබේ.
මත්තල ගුවන්තොටුපොළ පරිශ්‍රයේ සැරිසරන මුවන් දඩයම් කර මරා දැමීමෙන් අනතුරුව එම මස්වලින් කොටසක් පිටස්තර පුද්ගලයින්ට අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ බවට සැකපිට ගුවන් හමුදා නිලධාරීන් පස්දෙනෙකු සහ සිවිල් පුද්ගලයින් දෙදෙනෙකු මත්තල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.