CLOSE

ඉරිදා රාත්‍රියේ බැංකොක්හි බීම හලක හටගත් විශාල ගින්නකින් අවම වශයෙන් 27 දෙනෙකු මිය ගොස් අට දෙනෙකු බරපතල තුවාල ලබා ඇත.

ජනප්‍රිය චතුචක් දිස්ත්‍රික්කයේ බීම හලේ වේදිකාව අසල ගින්න ආරම්භ වී ඇති අතර, පසුව එය වේගයෙන් පැතිර ගොස්, විදුලිය විසන්ධි වී කාමරය දුමෙන් වැසී ගිය බව ඇසින් දුටු සාක්ෂිකරුවෝ පවසති.

අන්තර්ජාලයේ පළ කරන ලද වීඩියෝ දර්ශනවලින් පෙන්නුම් කරන්නේ, රොං බියර් නා ලැට් ෆ්‍රාඕ බීම හලේ ගිනිදැල්වලින් වැසී ගිය ඉදිරිපස දොරෙන් - සමහරුන් ගේ  ඇඳුම් ගිනිගෙන - පලා යන විට කෑ ගසන භීතියට පත් ගනුදෙනුකරුවන් ය.

මධ්‍යම රාත්‍රියෙන් පසු එම ස්ථානයට පැමිණි ගිනි නිවන භටයින් ඉක්මනින් ගින්න නිවා දැමූහ. බොහෝ වින්දිතයින්ගේ සිරුරු නාන කාමරයක තිබී සොයා ගෙන ඇත.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.