ඉදිරියේදී වැසි තත්ත්වයේ වැඩි වීමක්
ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අද දිනයේ පස්වරු එකෙන් පසුව දිවයිනේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
වැසි තත්ත්වය වැඩිවිමට හේතුවී ඇත්තේ දිවයින ආශ්රිත පවතින අන්තර් නිවර්තන අභිසාරි කලාපය සහ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙහි බලපෑමෙන් ඉදිරි පැය කිහිපය තුළ බස්නාහිර , සබරගමුව , දකුණු , මධ්‍යම , ඌව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.
තද වැසි සමඟ තද සුළං ද ඇති විය හැකිය.
තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව ජනතාවට දැනුම් දෙනු ලබයි.
නාය යෑමේ අනතුරු ඇඟවීම්
මේ අතර පවතින අධික වර්ෂාව හමුවේ දිස්ත්‍රික්ක 7කට අද රාත්‍රියේ නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරුණි.
ගාල්ල , ගම්පහ , මහනුවර , කෑගල්ල , කුරුණෑගල , මාතලේ , මොණරාගල දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ රැසක් ඒ අතරට ඇතුළත්.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත 2026.05.12 දින පැමිණෙන ලෙසට ලිපියක් මගින් දන්වා ඇත.
2026 වසරේ දෙවන හා තෙවන කාර්තු වලට අදාළව ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 180ට වැඩි විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි ගාස්තු සියයට 18කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.