හිරේ ඉඳන් නාමල් එවූ විශේෂ පණිවිඩය මෙන්න
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අනුරාධපුර නගර සභා ක්‍රීඩාංගණයේදී ඊයේ (12) සංවිධාන කළ ‘ජන සටන’ මහා රැලිය වෙත එම පක්ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විශේෂ පණිවිඩයක් යොමුකර තිබුණි.
කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් 71ක් දෙනෙකුට ඩෙංගු වැලඳී ඇති අතර, සිසුන් 5 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක පවසයි.
වාර්තා වූ ඩෙංගු රෝගීන්ගෙන් බහුතරයක් ශාස්ත්‍ර පීඨයේ වන බැවින් ඔවුන්ගේ අධ්‍යන කටයුතු පිළිබඳව අවධානය යොමුකරමින් සතියක කාලයක් පීඨ කිහිපයක දේශන කටයුතු පමණක් ඔන්ලයින් සහ හයිබ්‍රිඩ් ක්‍රමයට සිදුකිරීමට විශ්වවිද්‍යාල පාලන අධිකාරිය තීරණය කළ බවද උපකුලපතිවරයා සඳහන් කළේය.
ඩෙංගු ව්‍යාප්තිය හමුවේ විශ්වවිද්‍යාලය මඟින් එම තත්ත්වය පාලනයට පියවර ගණනාවක් ගෙන ඇති බවත්, රෝහල්ගත කළ සිසුන්ගේ තත්ත්වය සම්බන්ධයෙන් නිරන්තරයෙන් පරීක්ෂා කරමින් කටයුතු කරන බවද මහාචාර්ය ඉන්දික කරුණාතිලක කියා සිටියේය.
දැනට විශ්වවිද්‍යාලය තුළ පවතින තත්ත්වය පාලනය කර ඇති බවද සඳහන් කළ උපකුලපතිවරයා, උණ රෝගී තත්ත්වයක් ඇත්නම් කරුණාකර ඊට අදාළ වෛද්‍ය උපදෙස් පිළිපඳින ලෙසද සිසුන්ගෙන් ඉල්ලා සිටී.
මෙම තත්ත්වය තුළ කිසිදු ආකාරයකින් විශ්වවිද්‍යාලය වසා දැමීමක් සිදුව නොමැති බවද අවධාරණය කර සිටි උපකුලපතිවරයා, එවැන්නක් සිදුකිරීමට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවද අවධාරණය කළේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අනුරාධපුර නගර සභා ක්‍රීඩාංගණයේදී ඊයේ (12) සංවිධාන කළ ‘ජන සටන’ මහා රැලිය වෙත එම පක්ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විශේෂ පණිවිඩයක් යොමුකර තිබුණි.
ශ්‍රී ලංකා නාවික හමුදාව, 2026 සැප්තැම්බර් මස 01 සිට 11 දක්වා කාල සීමාව තුළ දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්; තහනම් ධීවර දැල්, නීති විරෝධි පන්නක්‍රම සහ වින්ච් යන්ත්‍ර හා ට්‍රැක්ටර් රථ භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයන් 63ක් නීතියේ රැහැනට හසුකර ගෙන තිබේ.
මත්තල ගුවන්තොටුපොළ පරිශ්‍රයේ සැරිසරන මුවන් දඩයම් කර මරා දැමීමෙන් අනතුරුව එම මස්වලින් කොටසක් පිටස්තර පුද්ගලයින්ට අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ බවට සැකපිට ගුවන් හමුදා නිලධාරීන් පස්දෙනෙකු සහ සිවිල් පුද්ගලයින් දෙදෙනෙකු මත්තල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.