මහනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකකට නායයෑම් රතු නිවේදනයක්
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය සහ ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර 3 යටතේ ඉවත්වීමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
මෙවර මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ 33ක් ඊයේ (08) දිනය අවසන් වන විට නාමයෝජනා භාර දී තිබේ.
දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධින කණ්ඩායම් 16ක් එලෙස නාම යෝජනා භාරදී තිබූ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල මැතිවරණ කොට්ඨාස සඳහා ඊයේ දිනය අවසන් වනතෙක් කිසිදු දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් නාමයෝජනා භාර දී නොතිබු බව එම කොමිෂන් සභාව පවසයි.
මහ මැතිවරණය සඳහා නාම යෝජනාභාර ගැනීම ඔක්තෝම්බර් මස 4 වනදා ආරම්භ වූ අතර ලබන 11 වනදා මධ්‍යාහ්න 12.00 දක්වා සිදුකිරීමට නියමිතය.
මේ අතර මහ මැතිවරණයට අදාළ තැපැල් ජන්ද අයඳුම්පත් භාර ගැනීමේ කාලය ලබන 10 වනදා දක්වා දීර්ඝ කර තිබේ.
ඒ සඳහා අයඳුම්පත් භාරගැනීම ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතිව තිබුණි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය සහ ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර 3 යටතේ ඉවත්වීමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වනවිට පාලනය කර ඇති පොලීසිය පවසයි.
මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් තුවාල ලැබූ රැඳවියන් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි වාර්තා වේ.