CLOSE

මෙම වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 27,465 ක් වාර්තා වී ඇති අතර මරණ 14ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබේ.

කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 5,930ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 4,465 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් 1,572ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩි දුරටත් සඳහන් කරයි.

දිවයින පුරා ඩෙංගු අධි අවදානම් සහිත කලාප 42 ක් හඳුනාගෙන ඇති බවත් පවතින වැසි තත්ත්වය හේතුවෙන් ඉදිරි දිනවල දී ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළ යා හැකි බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය අවධාරණය කරයි.

 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.