CLOSE

ඇඹිලිපිටිය, කිරලවැල්කඩුව ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී සිය මව හා පියා ඝාතනය කළ බවට සැකපිට 26 හැවිරිදි පුත්‍රයා අත්අඩංගුවට ගෙන තිබේ.

පෞද්ගලික ආරවුලක් හේතුවෙන් ඇති වූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බව යි පොලීසිය පවසන්නේ.

මෙලෙස ඝාතනය වී ඇත්තේ වයස අවුරුදු 57ක් වන පියෙකු සහ 54 හැවිරිදි මවක බවද සඳහන්.

ඇඹිලිපිටිය ප්‍රදේශයේ ව්‍යාපාරික ආයතනයක රියදුරෙකු වශයෙන් සෙවය කර ඇති සැකකරු මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වූ අයෙකු බව මූලික විමර්ශමනවලදී අනාවරණය වී ඇත.

මේ සම්බන්ධව මහේස්ත්‍රාත් පරික්ෂණය ඇඹිලිපිටිය මහේස්ත්‍රාත්වරයා විසින් සිදු කිරීමට නියමිත අතර සැකකරු ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.