CLOSE

ජනාධිපති මන්දිරවල පිටස්තර පුද්ගලයන් නවාතැන් ගෙන ඇති බවට මාධ්‍යවල පළව ඇති පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය පුවතක් බව ජනාධිපති මාධ්‍යඅංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

2025 වර්ෂයේදී රට පුරා ඇති ජනාධිපති මන්දිරවල විවිධ පුද්ගලයන් 3089ක්  නවාතැන් ගෙන ඇති බවට පුවතක් පල වූ අතර ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකරමින් ජනාධිපති මාධ්‍ය අංශය මේ බව සඳහන් කළේය.

එමෙන්ම එම වසරේදී ජනාධිපති මන්දිර පරිශ්‍රවල පවතින වෙනත් ගොඩනැගිලිවල ආරක්ෂක අංශයේත්,  මාධ්‍ය සහ අනෙකුත් අංශ වලත් නිලධාරීන් රාජකාරීමය අවශ්‍යතා වෙනුවෙන් විවිධ අවස්ථාවල නවාතැන් ගෙන ඇති බවත් සඳහන් කර ඇති ජනාධිපති මාධ්‍ය අංශය, එහෙත් මේ නිලධාරීන් කිසිවෙකු ජනාධිපති මන්දිරවල නවාතැන් ගෙන නොමැති බව එම නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කර ඇත.

 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.