ඩෙංගු රෝගීන් ගණන 55,000 ඉක්මවයි - මරණ ඉහළට
වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 55,000 ඉක්මවා ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරයි.
“ආණ්ඩුවට දෙන්න පුළුවන් උපරිම සහනය තමයි හාල් කිලෝ 20ක් රජයේ සේවකයන්ට ණයට දෙන එක. දැන් අපේ හාමුදුරුවනේ නිකන් හරි ණය ගෙව්වේ නැත්නම් බත් මුට්ටිය තමයි උස්සන් යන්න වෙන්නේ.හැබැයි ඉතින් මේ අයට ගෙට පැනලා බත් මුට්ටිය උස්සලා පුරුදුයි යැයි.” ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
ඔහු මේ බව ප්‍රකාශ කලේ අද දින පුත්තලම පැවති ජන හමුවක් අමතමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ
"සහෝදර සහෝදරියනි මිත්‍රවරුනි, අපේ හාමුදුරුවනේ අද අපි මේ ගමෙන් ගමට එන්නේ, කොට්ඨාස වලට. ඔබ තමුන්නාන්සේලා මුණගැහෙන්න. අද හැම පක්ෂෙකටම ඡන්දෙ දීපු අය මෙතන ඉන්නවා. ආණ්ඩුවක් පත් කරගත්තා මෙතන ඉන්න බහුතරයක් ජනතාව. බලාපොරොත්තු ඇතුව. අද අසීමිත බොරු කියලා බලයට ආපු ආණ්ඩුවක්. බොරු කියලා බලයට ආවා විතරක් නෙමෙයි, බලයේ ඉන්නත් බොරු කියන ආණ්ඩුවක් බවට පත්වෙලා තියෙනවා. අපි දැක්කා පහුගිය දිනේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට එනවා. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඇවිල්ලා, අපි බලාපොරොත්තු වුණේ ජීවන වියදම අඩුකිරීම ගැන කතා කරයි කියලා, ගොවියාගේ පොහොර ප්‍රශ්නය ගැන කතා කරයි කියලා, වී මිල පිළිබඳව කතා කරයි කියලා, කර්මාන්තශාලා වැහෙනවා මේ ආර්ථික අර්බුදයට මුහුණ දෙන්නේ කොහොමද කියන වැඩපිළිවෙළ පිළිබඳව කතා කරයි කියලා. නෑ, ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා අපේ හාමුදුරුවනේ පොලීසියේ මාධ්‍ය ප්‍රකාශකගේ වැඩේ කරනවා. පොලීසියේ මාධ්‍ය ප්‍රකාශක, ඒ මනුස්සයා කල්පනා කරනවා ඇති දැන් ඒ මනුස්සයා ප්‍රෙස් එකේ වාඩිවෙලා මොකක්ද කියන්නේ කියලා. කමක් නෑ. ආණ්ඩුවට වැඩ බැරිනම්, ආණ්ඩුවට වැඩ බැරිවෙනකොට, ආණ්ඩුව මොකක්ද කරන්නේ? තමන්ගේ නොහැකියාව වහගන්න මර්ධනය කරනවා.
පරීක්ෂණ කටයුතු කරන්න එපා කියලා කවුරුත් කියන්නේ නෑ, කරන්න ඕනේ. ගල් අඟුරු නැව ගැනත් හොයන්න ඕනේ, බාල ගල් අඟුරු ගෙනාපුවා. වැඩිම මිලකට, ලෝකේ වැඩිම මිලක් දීලා තෙල් ගත්තේ ඇයි කියන එක පිළිබඳව හොයන්න ඕනේ. හාල් පිටරටින් ගෙනල්ලා ගොවියාගේ වී කැපෙනකොට ඒ පිටරටින් ගේන්න හේතුව මොකක්ද කියලා හොයන්න ඕනේ. වරායෙන් පන්නපු කන්ටේනර් 323 හොයන්න ඕනේ. ඒවා හොයන්න ඕනේ. හැබැයි ඒවා හොයන ගමන්, මෙලොව ජනතාවගේ ප්‍රශ්න වලටත් උත්තරයක් දෙන්න ඕනේ. ජනතාවගේ ප්‍රශ්න වලට උත්තරයක් දෙන්න ඕනේ. ආණ්ඩුවේ මොකක්ද වැඩපිළිවෙළ? ආණ්ඩුවේ වැඩපිළිවෙළ මොකක්ද රටේ ජනතාවගේ ජීවන වියදම දරාගන්න පුළුවන් තැනකට ගේන්න? තමන්ගේ බාල ගල් අඟුරු නිසා වැඩි මිලට තෙල් ගත්තු නිසා දිනෙන් දින විදුලි බිල වැඩිවෙනවා. පෙට්‍රල්, ඩීසල් මිල වැඩිවෙනවා අපේ හාමුදුරුවනේ. දරාගන්න බෑ ජනතාවට. ආහාර වල මිල දිනෙන් දින ඉහළ යනවා, අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල ඉහළ යනවා. හැබැයි මේවට සහනයක් දෙන්න ආණ්ඩුව මැදිහත් වෙන්නේ නෑ. දෙන්න පුළුවන් උපරිම සහනය තමයි හාල් කිලෝ 20ක් රජයේ සේවකයන්ට ණයට දෙන්න. දැන් අපේ හාමුදුරුවනේ නිකන් හරි ණය ගෙව්වේ නැත්නම් බත් මුට්ටිය තමයි උස්සන් යන්න වෙන්නේ.හැබැයි ඉතින් මේ අයට ගෙට පැනලා බත් මුට්ටිය උස්සලා පුරුදුයි. අපි පොඩි කාලේ, මේ වැඩිහිටියෝ දන්නවානේ,කොහෙන් හරි එතනට තමයි පනින්නේ ආයේ. ආවේ කාර් එකක් ලක්ෂ 12කට දෙනවා කියලා. ආවේ දියුණු රටක්, පෝසත් රටක් හදනවා කියලා. දැන් අන්තිමට ගමේ අහිංසක අම්මා තාත්තාගේ බත් මුට්ටියට වැඩේ දෙන්න හදන්නෙ.මේක තමයි මෙයාගේ දේශපාලනේ, සැලැස්මක් නෑ
වැඩපිළිවෙළක් නැහැ.
එක පැත්තකින් මේ රටේ ජාතීන් අතර අසමඟිය හදන්න උත්සාහ කරනවා. ජනාධිපතිවරයා සහ ආණ්ඩුව සැලසුම් සහගතව ජනතාව බෙදා වෙන් කරලා පාලනය කරන්න උත්සාහ කරන්නේ. බුද්ධි අංශ දුර්වල කරනවා, ජාතික ආරක්ෂාව දුර්වල කරනවා. කර්මාන්තශාලා වැහෙනවා, රැකියා අහිමි වෙනවා. අහිමි වෙන රැකියාවලට විකල්පය මොකක්ද? අලුතෙන් රැකියා උත්පාදනය කරන්න ආණ්ඩුවේ සැලසුම් මොනවාද?
ධීවරයාගේ තෙල් මිල, මේ තියෙන මිලට තෙල් ගහගෙන ගිහිල්ලා මාළු අල්ලගෙන ඇවිල්ලා හරියන්නේ නැහැ, ධීවර ජනතාව ඒක දන්නවා. හැබැයි මොකක්ද ආණ්ඩුවේ විකල්පය? ධීවරයාගේ තෙල් ටිකට සහනයක් දෙනවාද? අපි බලාපොරොත්තු වුණා ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා එදා මාදැල් ධීවරයන්ගේ ප්‍රශ්නය කතා කරයි කියලා, ගොවි උද්ඝෝෂණ තියෙනවා රටේ හැමතැනම ඒ ගැන කතා කරයි කියලා, ධීවරයාගේ තෙල්වලට සහනයක් දෙන්න ජනාධිපතිවරයා වැඩපිළිවෙළක් හදලා ඇති කියලා. නැහැ. ආණ්ඩුවට ඒවා පිළිබඳව ප්‍රශ්නයක් නැහැ.
දැන් උසස් පෙළ ලියන දරුවන්ගේ විභාගය කලින් ගත්තු නිසා පැහැදිලිවම ලොකු මානසික පීඩනයක්. උසස් පෙළ ලියන දරුවෝ, ඒ දෙමව්පියෝ දන්නවා, ඒ තරුණ පිරිස ඒක දන්නවා. අද ආණ්ඩුව මොකක්ද මේකට කරන්නේ? මොකක්ද ආණ්ඩුවේ සැලැස්ම? මේකට මැදිහත් වෙනවාද, ඇහුම්කන් දෙනවාද? අද රටේ ජනතාවගේ ප්‍රශ්නවලට ඇහුම්කන් දෙන්න කෙනෙක් නැහැ අපේ හාමුදුරුවනේ. ඇහුම්කන් දෙන්න කෙනෙක් නැහැ.
උසස් පෙළ දරුවෝ මානසික පීඩනයකට පත්වෙලා තියෙනවා තමන්ගේ විභාග දින නිසා. අධ්‍යාපන අමාත්‍යවරියට හෝ අධ්‍යාපන අමාත්‍යාංශයේ කවුද මේකට ඇහුම්කන් දෙන්නේ?
මම දැක්කා පසුගිය දිනවල කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, අර බේරේ වැව වටේ සුද්ධ කරනවා ඩෙංගුවලට. ඩෙංගු රෝගීන් පනස්දාහක් වෙනකන් ඉන්න වුණා ඕක සුද්ධ කරන්න. ඩෙංගු රෝගීන් පනස්දාහක් යනකන් ඉන්න වුණා අපේ හාමුදුරුවනේ ඒක සුද්ධ කරගන්න. මේ ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපතිතුමාට එයාගේ කාර්යාලය සුද්ධ කරගන්න බැහැ. ඩෙංගු රෝගීන් පනස්දාහක් ආවාම තමයි ඒක මතක් වෙලා තියෙන්නේ. අද රෝහල් පිරිලා ඉතිරිලා ඩෙංගු රෝගීන්ගෙන්.
සමහර මාලිමාවේ, ජේ.වී.පී. එකේ ප්‍රාදේශීය සභාවලට කතා කරාම අඩුම ගානේ රෝගීන් දහයක් ඉන්න ඕනෙලු දුම් ගහන්න. ප්‍රාදේශීය සභාවේ, ආණ්ඩුවේ වගකීම මොකක්ද? රෝගීන් ප්‍රමාණය අඩු කරගන්න. එක රෝගියෙක් හරි ඉන්නවා කියලා දැනගත්තාම අනිත් දරුවෝ ටික බේරගන්න. නැහැ, මෙයාලා බලාගෙන ඉන්නවා තව දහදෙනෙක් මේකට හැදෙනකන් ගිහිල්ලා සුද්ධ කරන්න. නිකන් හරි අපේ හාමුදුරුවනේ, මිත්‍රවරුනේ, අම්මේ, තාත්තේ මේ අය ඉන්නකොට කෝවිඩ් වසංගතය එහෙම ආවා නම් වෙන දේ හිතාගන්න බැහැ. කෝවිඩ් තියෙන කාලේ ඇවිල්ලා කිව්වොත් අපේ ගමේ කෝවිඩ් රෝගියෙක් ඉන්නවා නිරෝධායනය වෙන්න ඕනේ කිව්වොත් දහයක් එනකන් ඉන්න ඕනේ කියයි.
අද තමන්ගේ වැඩ බැරිකම පමණක් නෙවෙයි අපේ හාමුදුරුවනේ උවමනාවක් නැහැ. මේකට අවශ්‍යතාවයක් නැහැ. වෛද්‍ය ශිෂ්‍යයන්ගේ ප්‍රශ්නයක් තියෙනවා ආණ්ඩුව මැදිහත් වෙන්නේ නැහැ. වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නවලට ආණ්ඩුව මැදිහත් වෙනකොට, ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරාම ඔවුන් කියන්නේ මොකක්ද? "වෛද්‍යවරු හොරු". ධීවරයාගේ ප්‍රශ්නයට ධීවරයෝ මැදිහත් වුණාම, "ඔය හොරු ඉන්නේ, ධීවරයෝ නෙවෙයි ඉන්නේ". ගොවියා ගොවියාගේ ප්‍රශ්නය කිව්වාම, "ඔය ඉන්නේ කසිප්පුකාරයෝ". ගරුතර මහා සංඝරත්නයට අපේ හාමුදුරුවනේ සැලසුම් සහගතව ගහනවා. මේ රටේ ජනතාව ආගමෙන් ඈත් කරන්න ආණ්ඩුව උත්සාහ කරන්නේ. ආගමෙන් තරුණ පරම්පරාව ඈත් කරන්න සැලසුම් සහගත උත්සාහයක් යනවා.
මේ ක්‍රියාවලිය ඇතුළේ සමස්ත සමාජයම කඩා වට්ටලා රට, ජාතිය, ආගම විනාශ වුණත් කමක් නැහැ තමන්ට රාජ්‍ය පාලනය කරගෙන යන්න, බලහත්කාරයෙන් හරි ආණ්ඩු කරන්න තමයි උත්සාහ කරන්නේ. ඒකනේ කියන්නේ "අපි අවුරුදු විස්සකට යන්නේ නැහැ, පනහකට යන්නේ නැහැ" එහෙමනේ කියන්නේ. හැබැයි ඉතින් ඉන්න අවුරුද්දේ වැඩක් කරන්නෙත් නැහැ.
"විස්සක් ඉන්න තමයි බලාපොරොත්තුව තිහක් ඉන්න තමයි බලාපොරොත්තුව. හැබැයි ඉන්න අවුරුද්දෙ මෙලෝ වැඩක් කරන්නෙත් නැහැ. ඒකයි අපි ආණ්ඩුවට කියන්නේ දැන්වත්, ඔබ පත්වෙලා අවුරුදු දෙකකට ආසන්නයි දැන්. දැන්වත් මොකක් හරි කරන්න. මොකක් හරි. මොකක් හරි වැඩක් කරන්න ගම්වලට ඇවිල්ලා.
අපි මේ රටේ තරුණ පරම්පරාව අනාගත ලෝකය පිළිබඳ අවබෝධයක් සහ බලාපොරොත්තුවක් තියෙනවා. මේ ගමේ අම්මා, තාත්තාගේ දරුවන්ට ඕනේ තමන්ගේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් දෙන්න. තාක්ෂණයත් එක්ක බද්ධ වෙච්ච සමාජයකට ගොඩනගන්න. ඔබට ඕනේ ඔබේ දරුවන්ව ව්‍යාපාරිකයෝ, ව්‍යවසායකයෝ බවට පත්කරන්න. අද ව්‍යාපාරිකයෙක්, ව්‍යවසායකයෙක් බවට ඔබේ දරුවා පත්කරනවා තබා ඔබට ඔබේ දරුවාට උගන්නගන්න විදිහක් නැති ආර්ථිකයක් බවට පත්වෙලා තියෙනවා.
කර්මාන්තශාලා වැහිලා, ඒ කර්මාන්තශාලා වෙන රටවල්වලට ගෙනයනවා. මේ ගම්වල පොල් ආශ්‍රිත නිෂ්පාදන තියෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුවේ ඩොලර් බිලියනයක් දක්වා නිෂ්පාදන පිටරට යෑමට ප්‍රමාණය වැඩිකෙරුවා. අද එතනින් එහාට ආණ්ඩුවට අරගෙන යන්න බැරිවෙලා තියෙනවා. අසීමිත බදු බරක්, අසීමිත බදු බරක් ජනතාවට දරාගන්න බැහැ. දිනෙන් දින ආණ්ඩුවේ විකල්පය මොකක්ද? IMF එකට යනවා, අපේ ප්‍රශ්න කියනවා, රටේ ජනතාව හරි අමාරුවෙන් ඉන්නේ කියලා කියනවා, මේ ඔක්කොම කියලා ගෙදර එනකොට බද්ද වැඩිකරගෙන එනවා. එනකොට බද්ද වැඩිකරගෙන එනවා.
ආණ්ඩුව රාජ්‍ය ආදායම පෙන්වනවා කියලා මොකක්ද කියන්නේ? බදු වැඩිකරනවා දිනෙන් දින.
තවත් පැත්තකින් ආර්ථික අපහසුතාවලට පත්වුණු ජනතාවට සහනයක් දෙන්න ආණ්ඩුව මැදිහත්වන්නේ නැහැ. අර පහුගිය එකයි ද්ට්වා සුළි කුණාටුවෙන් පවුල් 35,000කට වැඩිය තවම, තාවකාලික නිවාසවල ඉන්නේ, එක්කෝ කුලියට."
පටන් ගන්න ඕනෙ. ආණ්ඩුවට බැරි වෙලා තියෙනවා මේ අයට විකල්ප ඉඩම් පෙන්නන්න. පාරවල් ටික හදන්න, පාලම් ටික හදාගන්න, පන්සල් ටික හදාගන්න, අඩුම ගානේ සැලැස්මක්වත් නෑ ආණ්ඩුවට. අඩුම ගානේ සැලැස්මක්වත් නෑ. ඒ හින්දා මගේ ආදරණීය අම්මේ, තාත්තේ, මිත්‍රවරුනි, අපි ආණ්ඩුවට කියන්නේ කරුණාකරලා දැන්වත් වැඩ කරන්න. අපි එකතු වෙමු.
පහුගිය මැතිවරණ වල අපි අපිට ඡන්දය දුන්නු, නොදුන්නු බොහෝ පිරිසක් මෙතන ඉන්නවා. අපි අනාගතය දිහා බලමු. අපි ඔබේ දරුවන්ට ගොඩනගන්න පුළුවන්, දරුවන්ට ගැලපෙන දේශපාලන බලවේගයක් අපි ගොඩනගමු. ඔබට හම්බවෙන්න පුළුවන්, කතා කරන්න පුළුවන් දේශපාලන නායකයෝ ගම්වලින් අපි අලුතෙන් හදමු.
අපිට ඕනේ මේ රටේ මහ පොළොවේ පය ගහලා ජීවත් වෙන දේශපාලන නායකයෝ මිසක්, කේ-කේ එකටයි, කැබ් එකටයි දාගෙන කොළඹට ගිහිල්ලා, ටයි කෝට් එක දාලා, ඒසී කාමරේ වාඩිවෙලා ගමට ගරහන අය නෙමෙයි. ගම හඳුනන, ගමත් එක්ක ජීවත්වෙන දේශපාලන පිරිසක් අපි බිහි කරමු.
මම සතුටු වෙනවා අපේ සභාපතිතුමා, මධ්‍යම සභාපතිතුමා තරුණ සභාපතිවරයෙක් විදිහට අද මේ පහුගිය මැතිවරණ කාලයේ අපි සභා කීපයක බලය පිහිටෙව්වේ. එක සභාවක් පුත්තලම සභාව. ජනතාවට වැඩ කරනවා. මොකද අපේ පක්ෂයේ අයට, අපේ අපෙත් එක්ක හිටපු අයට අපේ හැමෝටම වැඩ කරලා පුරුදුයි. ඒ සහ අපේ ඇඟේ, අපේ අයගේ ඇඟේ තියෙනවා මොකක් හරි කරන්න ඕනෙ කියලා. ආණ්ඩුව නොකරත් සභාවෙන් හරි දාලා මේක කරමු කියන තැන, මානසිකත්වය ඉන්න වැඩ කරන්න වුවමනාව තියෙන පිරිසක් ඉන්නවා.
ඉතින් අද ඒ තරුණ කණ්ඩායම ඒකරාශී වෙලා මේ ප්‍රාදේශීය සභාවට නායකත්වය දීලා දක්ෂ විදිහට වැඩ කටයුතු කරනවා වගේම, අපි එකතු වෙමු, අපි ගමෙන් ගමට යමු. ඒ තරුණ පිරිසක් බොහොමයක් අද මෙතන ඉන්නවා. ඒ ඔබ අප කෙරෙහි තබන විශ්වාසය, ඒ විශ්වාසය මත පදනම් වෙච්ච දැවැන්ත දේශපාලන බලවේගයක් ගොඩනගන්න අපි ඒකරාශී වෙමු කියන ආරාධනයත් කරමින් ඔබට සුබ අනාගතයක් පතනවා."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 55,000 ඉක්මවා ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරයි.
ඊයේ (29) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන වර්ග කිහිපයක මිල පහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.
ගායන ශිල්පී රුක්මන් අසිත අභාවප්‍රාප්ත වී තිබේ.