තද වැසි සහ සුළං තවදුරටත්
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
මෙම වසරේ මී උණ රෝගය හේතුවෙන් වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් බව සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර පවසයි.
එමෙන්ම වැඩිම මී උණ රෝගී ආසාදිතයින්ද හමුව ඇත්තේ ද රත්නපුර දිස්ත්‍රික්කයෙන් බව ඔහු සඳහන් කළේ සබරගමුව පළාත් සභා පරිශ්‍රයේදී පැවති මී උණ රෝගය වැළැක්වීම ප්‍රකාශයට පත් කිරීමේ අවස්ථාවට එක් වෙමිණි.
රත්නපුර දිස්ත්‍රික්කයේ මී උණ රෝගීන් 1,882ක් හමුවී ඇති අතර මී උණ රෝගය හේතුවෙන් මියගිය ගණන 22කි.
එම දිස්ත්‍රිකයේ මී උණ වැළදීමේ අධි අවදානම් ප්‍රදේශ ලෙස ඇහැලියගොඩ, කිරිඇල්ල, ඇලපාත, පැල්මඩුල්ල, ඔපනායක, නිවිතිගල, කලවාන සහ කල්තොට ප්‍රදේශ ඇතුළත්ය.
මී උණ රෝගයට නිසි ප්‍රතිකාර ලබා නොගන්නේ නම් වකුගඩු, හෘදය, මොළය වැනි අවයව අක්‍රීය වී මරණය පවා සිදුවිය හැකි බව සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර පැවසීය.
මී උණ රෝගය වළක්වා ගැනීමට නම් කුඹුරු වැඩ ආරම්භ කිරීමට සතියකට පෙර රෝගය වළක්වා ගැනීමේ Doxycycline ඖෂධය ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා නිලධාරි කාර්යාලයේ හෝ මහජන සෞඛ්‍ය පරික්ෂකගෙන් ලබා ගත හැකි බව සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර වැඩිදුරටත් පැවසීය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ (02) රාත්‍රියේ සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඩෙවෝන් දිය ඇල්ලට ජලය සපයන ඩෙවෝන් ඇළ පිටාර ගොස් කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ සහ ලොග්ගිල් වතුයායේ නිවාස 40ක් ජලයෙන් යටවී තිබේ.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය සහ ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර 3 යටතේ ඉවත්වීමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.