කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද ඇරඹේ
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (25) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී (BMICH) ආරම්භ විය.
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ඡන්ද විමසීම අද පෙරවරුවේ ආරම්භ විය.
ඒ අනුව දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,421ක දී පස්වරු 4.00 දක්වා ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබේ.
උදෑසනම ගොස් සිය ඡන්දය භාවිත කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ඡන්ද දායකයින්ගෙන් ඉල්ලීමක් කරයි.
වලංගු හැඳුනුම්පතක් රැගෙන වේලාසන ඡන්ද පොල වෙත පැමිණ ඡන්දය භාවිත කරන ලෙසත් මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවක් ලැබී නොමැති නම් එය ඡන්දය දැමීමට කිසිදු බාධාවක් නොවන බවත් මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පැවසීය.
"නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවක් ඔබට ලැබී නැත්නම් කිසිදු ගැටලුවක් නෑ. ඔබට වලංගු හැඳුනුම්පත් තිබෙනවා නම් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවස්ථාව ලැබෙනවා. ජාතික හැඳුනුම්පත, විදේශ ගමන් බලපත්‍රය, වලංගු රියදුරු බලපත්‍රය, විශ්‍රාමික හැඳුනුම්පත, වැඩිහිටි හැඳුනුම්පත, පූජ්‍ය පූජක හැඳුනුම්පත , පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන තොරතුරු තහවුරු කිරීමේ ලිපිය, ආබාධිතයින් සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබෙන හැඳුනුම්පත එසේත් නැතිනම් තාවකාලික හැඳුනුම්පත යන මේ හැඳුනුම්පත්වලින් එකක් රැගෙන ඔබේ ඡන්දය ප්‍රකාශ කරන්නට හැකියාව තිබෙනවා.
විශේෂයෙන් ඡන්දය දෙන ආකාරය ගැන කෙටියෙන් සඳහන් කළොත් ඔබට ලැබෙන ඡන්ද පත්‍රිකාවේ ඉහළින් සඳහන් වන කොටසේ දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල නම් සහ ලකුණ සඳහන් වෙලා තියෙනවා. ඔබට කැමති දේශපාලන පක්ෂයකට හෝ ස්වාධින කණ්ඩායමකට ඒ ඉදිරියෙන් තිබෙන කොටුව මත කතිරයක් සලකුණු කිරීමෙන් ඡන්දය ප්‍රකාශය කරන්න පුළුවන්. ඔබ සලකුණු කල හැක්කේ එක කතිරයක් පමණයි.
ඒ වගේම ඔබ මනාප ලබා දීමට අදහස් කරන්නේ නම් ඡන්ද පත්‍රිකාවේ යට කොටසේ තිබෙනවා ඔබේ දිස්ත්‍රික්කයට අදාළ ඒ අපේක්ෂකයින්ගේ මනාප අංක සටහන් කොටු කිහිපයක්. ඒ කොටුවලින් ඔබට කැමති අපේක්ෂකයින් එක්කෙනෙකුට, දෙදෙනෙකුට හෝ තිදෙනෙකුට ඔබේ මනාපය සලකුණු කරන්න පුළුවන්. ඒ කොටු මත කතිර සලකුණ පමණක් පාවිච්චි කරන්න ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (25) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී (BMICH) ආරම්භ විය.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ පාර්ලිමේන්තු විවාදයේ අවසන් දිනය අදට (25) යෙදී තිබේ.
ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්යක්ෂ ජානකී සිරිවර්ධන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.