තද වැසි සහ සුළං තවදුරටත්
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නිලධාරීන් සහ අදාළ අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
මාතර නිල්වලා ගඟේ ඉදිකර තිබෙන ලවණ බාධකය, ඒ අවට ප්‍රදේශයේ ගංවතුර තත්ත්වය ඉහළ යාමට හේතු වී ඇති බවට මෙන්ම කරදිය කුඹුරු කරා පැමිණීම හේතුවෙන් වගා හානි වන බවට ප්‍රදේශවාසීන් මෙන්ම ගොවි ජනතාව වෙතින් ඉදිරිපත් වී ඇති කරුණු සලකා බලා ජනාධිපති ලේකම්වරයා අදාල උපදෙස් ලබා දී ඇත.
ඉදිකර ඇති ලවණ බාධකය හේතුවෙන් ගං වතුර තත්වයක් මෙන්ම ගොවි බිම්වලට ලවන ජලය පැමිණීම සිදුවන්නේ ද යන්නත්, ඒ සඳහා ස්ථීර විසඳුම් ලබා දීම විධිමත් අධ්‍යනයකින් අනතුරුව සිදු කළ යුතු බවටත් එම ආයතන නියෝජනය කරමින් පැමිණි ඉංජිනේරුවරුන් විසින් තීරණය කළ අතර ඒ සම්බන්ධයෙන් අධ්‍යනය කර විසඳුම් යෝජනා ඉදිරිපත් කිරීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු අංශයේ සහාය ලබා ගැනීමට කරන ලද යෝජනාවට ජනාධිපති ලේකම්වරයා මෙහිදී සිය එකඟතාව ලබා දී තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ (02) රාත්‍රියේ සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඩෙවෝන් දිය ඇල්ලට ජලය සපයන ඩෙවෝන් ඇළ පිටාර ගොස් කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ සහ ලොග්ගිල් වතුයායේ නිවාස 40ක් ජලයෙන් යටවී තිබේ.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය සහ ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර 3 යටතේ ඉවත්වීමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.