මහනුවර ප්රාදේශීය ලේකම් කොට්ඨාස දෙකකට නායයෑම් රතු නිවේදනයක්
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මහනුවර දිස්ත්රික්කයේ පස්බාගේ කෝරළය සහ ගඟ ඉහළ කෝරළය ප්රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර 3 යටතේ ඉවත්වීමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
ලෙබනනයේ මේ වන විට පවතින යුදමය තත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීම සඳහා ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ සහන කාලයක් ලබා දී තිබේ.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී ලෙබනනයට පැමිණ ලියාපදිංචි කාලය ඉක්මවු පසු නැවත එකී ලියාපදිංචිය යාවත්කාලීන නොකර දීර්ඝ කාලීනව රැකියාවල නියුතු වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට මෙම සහන කාලය ලබාදී ඇත.
එම සහන කාලය 2024 ඔක්තෝබර් මස 08 වන දින සිට 2025 ජනවාරි මස 08 වන දින දක්වා එනම් මාස 03ක කාලයක් සඳහා ක්‍රියාත්මක වේ.
එකී කාලය තුළ තානාපති කාර්යාලයට පැමිණ ලියාපදිංචිය කඩිනමින් සිදුකර ගත හැකි බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ දැනුම්දෙයි.
ඒ අනුව, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා ගැනීමට පැමිණෙන විට පහත ලියකියවිලි රැගෙන නානාපති කාර්යාලය වෙත පැමිණෙන ලෙසට ද දැනුම් දී තිබේ.
01) වලංගු වීසා බලපත්‍රය සහ වලංගු ගමන් බලපත්‍රය(මෙම ලේඛණයන් තිබීම අනිවාර්ය
වේ.)
02) දැනට සේවය කරන ස්ථානයට අදාළ වත්මන් රැකියා ගිවිසුම (Current Employment Contract) හෝ සේවායෝජක විසින් නිකුත් කරනු ලබන පිරිනැමීමේ ලිපිය (Job Offer Letter) 03) උක්ත අංක (01) සදහන් ලියකියවිලි සහිත වුවත්, වත්මන් රැකියා ගිවිසුම (Current Employment Contract) හෝ සේවායෝජක විසින් නිකුත් කරනු ලබන පිරිනැමීමේ ලිපිය (Job Offer Letter) නොමැති අය තානාපති කාර්යාලය මඟින් ලබා දෙනු ලබන ප්‍රකාශ පත්‍රිය (Self-Declaration) පිරවිය යුතු අතර, එහිදී ලියාපදිංචිය සිදුකර ගත හැක.
මෙම ලියාපදිංචි කිරීමේ කටයුතු වෙනුවෙන් ඩොලර් 62ක (USD 62/-) රජයේ ගාස්තුවක් අයකරනු ලැබේ.
ඒ අනුව, විශේෂයෙන්ම මෙම යුද වාතාවරණය තුළ ලබා දී ඇති මෙම විශේෂ සහන කාලය මහඟු අවස්ථාවක් කර ගනිමින්, කාර්යාංශයේ ලියාපදිංචිය ලබා ලියාපදිංචි විගමණික ශ්‍රමිකයන් හට හිමි වන සුබ සාධන හා රක්ෂණ ප්‍රතිලාභ හිමිකර ගනිමින් රැකියාවේ සුරක්ෂිතභාවය තහවුරු කර ගන්නා ලෙසට ද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුම් දෙයි.
2024.10.13 වන ඉරු දින පෙ.ව 9.00 සිට ප.ව 2.00 දක්වා තානාපති කාර්යාලය මේ සඳහා විශේෂයෙන් විවෘතව පවතින අතර, එදිනට පසු ඉදිරි මාස 03ක කාලය තුළ සෑම සතියේ දින පහ තුළදී ම මෙම සේවාව ලබා ගත හැකිය.
වැඩිදුර විමසීම්:
1.00961-81685186/00961-81915603
කෞෂි මෙය / කුමාරි මිය කම්කරු ලිපිකරු
2. 00961-79125589
ක්ෂණික ඇමතුම් අංකය තානාපති කාර්යාලය
ශ්‍රී ලංකා තානාපති කාර්යාලය බේරෑට් - ලෙබනන්
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මහනුවර දිස්ත්රික්කයේ පස්බාගේ කෝරළය සහ ගඟ ඉහළ කෝරළය ප්රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර 3 යටතේ ඉවත්වීමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වනවිට පාලනය කර ඇති පොලීසිය පවසයි.
මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් තුවාල ලැබූ රැඳවියන් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි වාර්තා වේ.