මහනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකකට නායයෑම් රතු නිවේදනයක්
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය සහ ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර 3 යටතේ ඉවත්වීමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ සහාය ජාතික ජන බලවේගයට ලබාදීමට එම පක්ෂය තීරණය කර තිබේ.
අද (08) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර කියා සිටියේ පාර්ලිමේන්තු ඡන්දයේ දී වෙනම තරග කළත් සිය පක්ෂයේ සහයෝගය සහයෝගය ජාතික ජන බලවේගයට ලබා දෙන බවයි.
"ඉදිරියේ පාර්ලිමේන්තු මැතිවරණය එනවා. මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී අපේ පක්ෂය අපි සහයෝගය දක්වන්නේ මාලිමාවට. අපේ පක්ෂය තරග කරනවා. තරග කරන්නේ ජාතික ජන බලවේගයට සහයෝගය පළකරමින්. අපි උත්සාහ කළා ජාතික ජන බලවේගය එක්ක සම්බන්ධතාවයක් ගොඩනගාගෙන එකට මේ ඡන්දයේදී තරගයට ඉදිරිපත් වෙන්න, ජනාධිපතිවරණයේදී පවා එබඳු සමීපකමක් ඇති කරන්න උත්සාහ කළා. නමුත් ඒක සාර්ථක වුණේ නැහැ. ඒක ජාතික ජනබලවේගයේ යම් ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක් නිසා. පාර්ලිමේන්තු මැතිවරණයේදී අපි වෙනම තරග කරනවා. වෙනම තරගකරත් අපේ සහයෝගය අපි ජාතික ජන බලවේගයට ලබාදෙනවා. අපේ අනුගාමිකයින්ට අපි කියා සිටිනවා අපිට දෙන ඡන්දයත් ජාතික ජන බලවේගයට දෙන ඡන්දයක් බව."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය සහ ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර 3 යටතේ ඉවත්වීමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වනවිට පාලනය කර ඇති පොලීසිය පවසයි.
මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් තුවාල ලැබූ රැඳවියන් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි වාර්තා වේ.