CLOSE

ස්වයං ආරක්ෂාව සඳහා පුරවැසියන්ට නිකුත් කර ඇති සියලූම ගිනිඅවි සහ පතරොම් නැවත ලබාගැනීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මේ අනුව ගිනි අවි සහ ඒ සඳහා නිකුත් කර ඇති පතුරම් ශ්‍රී ලංකා නාවික හමුදාවේ වැලිසර පිහිටි රජයේ වාණිජ පුපුරන ද්‍රව්‍ය ගබඩාවට ලබන සඳුදාට (07) පෙර බාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය සියලුම බලපත්‍රලාභීන්ට දැනුම් දී ඇත.

කෙසේ වෙතත් දේපළ ආරක්ෂාව වගා හානි ආරක්ෂාව හා ක්‍රීඩා කටයුතු සඳහා ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කෙරුණු ගිනි අවි සඳහා මෙම නියෝගය අදාළ නොවන බව අමාත්‍යාංශය  නිකුත් කළ නිවේදනයක දැක්වේ.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.