වාහන ආනයනයේදී අය කළ 50%ක අධිභාර බද්ද නැවතත්
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක ට පහසු දිනයක ඉන්දියාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ආරාධනා කර තිබේ.
නිල සංචාරයක් සඳහා මෙරටට අද (4) උදෑසන පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් විසින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙනුවෙන් එම ආරාධනය සිදුකර ඇත. මෙම හමුව ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරුණි.
ජනාධිපති අනුර දිසානායක හමුවීමෙන් අනතුරු ජයිශංකර් X පණිවිඩයක් තබමින් පවසා සිටියේ, ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා සඳහා අනුර කුමාර දිසානායක ගේ මඟපෙන්වීම අගය කරන බවය. තව ද, දෙරටේ ජනතාවගේ යහපත වෙනුවෙන් පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කරගන්නා ආකාරය පිළිබඳව නායකයින් දෙපොළ මෙහිදී සාකච්ඡා කර තිබේ.
අග්‍රාමාත්‍ය හරිනි, රනිල් සහ සජිත් හමුවෙයි

ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ද හමුවී තිබේ.
සංචාරය අතරතුර එස්. ජයශංකර් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ද හමුවී සාකච්ඡා කර පවත්වා ඇත.
මේ අතර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා අද දහවල් විදේශ කටයුතු අමාත්‍යාංශයේදී විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ද හමුවුණි.
මෙරට 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව පළමුව මෙරට සංචාරයක නිරත වූ ඉහළ පෙළේ රාජ්‍යතාන්ත්‍රිකයා වන්නේ ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර පළාතේ වීදි සතුන් මුහුණ දෙන ගැටලු සඳහා තිරසාර විසඳුමක් ලබාදීමේ අරමුණින් එම සතුන් වෙනුවෙන් විශේෂ රැකවරණ මධ්‍යස්ථාන සහ සත්ව ආදාහනාගාර පහසුකම් ඇති කිරීමේ නව ව්‍යාපෘතියක් රජය ආරම්භ කර තිබේ.