‘රටම එකට’ ජාතික මෙහෙයුම : මේ දක්වා සැකකරුවන් 288,841 දෙනෙකු අත්අඩංගුවට
දිවයින පුරා ක්‍රියාත්මක ‘රටම එකට’ ජාතික මෙහෙයුම මගින් මේ දක්වා සැකකරුවන් 288,841 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
නිලධාරින් හා අනෙකුත් අවශ්‍යතා සම්පූර්ණ වූ පසු ප.ව. 7ට පමණ ඡන්ද ගණන්කිරීමේ මධ්‍යස්ථානවල ගණන්කිරීම් කටයුතු ආරම්භ කරන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක පවසයි.
ජනාධිපතිවරණ ඡන්ද විමසීම සම්බන්ධයෙන් අද (19) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී රත්නායක ඔහු මෙම අදහස් පළ කළේ ය.
"21 වනදා ඡන්ද මධ්‍යස්ථානවලින් ඡන්ද පෙට්ටි ලැබීමෙන් අනතුරුව නිලධාරින් හා අනෙකුත් අවශ්‍යතා සම්පූර්ණ වූ පසු ප.ව. 7.ට පමණ දිස්ත්‍රික්කවල ඒ ඒ ගණන්කිරීමේ මධ්‍යස්ථානවල ගණන්කිරීම ආරම්භ වෙනවා. තැපැල් ඡන්දගණන් කිරීම ප.ව. 4.15ට පමණ ආරම්භ කිරීමට දැනට කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම ගණන්කිරීමේ කටයුතු සිදුවන්නේ දිස්ත්‍රික් මට්ටමින් එක් එක් පරිශ්‍ර තුළ. ගණන්කිරීම අවසානයේ අදාළ ප්‍රතිඵල ලැබුණු විගස ඒවා මාධ්‍යට ලබාදීමට සියලු කටයුතු යොදලා තිබෙන්නේ. පළමුව ගණන්කිරීම කරනු ලබන්නේ එක් එක් අපේක්ෂකයාට ලැබී ඇති ඡන්ද ප්‍රමාණය ගණනය කිරීම. එම ගණනය කිරීමෙන් අනතුරුව (දිස්ත්‍රික් මට්මින් ගණන් කිරීම් සිදුවේ) පළමුව ඡන්ද පෙට්ටිවල තිබෙන ඡන්ද ප්‍රමාණය ගණනය කිරීම සිදුවෙනවා. ඉන් පසු එක් එක් අපේක්ෂකයාට ලැබී තිබෙන ඡන්ද ප්‍රමාණය ගණනය කරලා, එය ඡන්ද ප්‍රදේශ මට්ටමින් හා දිස්ත්‍රික් මට්ටමින් සකස් කිරීම සිදුකරනවා. මැතිවරණ මහලේකම් කාර්යාලය තමයි සමස්ත ප්‍රතිඵලය ගණනය කරනු ලබන්නේ. කිසියම් අපේක්ෂකයෙකුට වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 50ක් හෝ එකක් ලැබිලා තියෙනවාද කියලා බලනවා. එහෙම ලැබිලා තියෙනවානම් ඒ අවස්ථාවේදී ඡන්ද ගණන් කිරීමේ කටයුතු අවසන් වෙනවා. අපි ජනාධිපතිවරයා ප්‍රකාශයට පත්කරනවා. යම් හෙයකින් කිසිඳු අපේක්ෂකයෙකුට සියයට 50ක් හෝ එකක් ලැබිලා නැතිනම්, මනාප ගණන් කිරීමේ අවස්ථාවට යා යුතු වෙනවා. එහිදී සිදුවන්නේ වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් අපේක්ෂකයන් දෙදෙනා තරගයේ ඉතිරි කරලා, ඉතිරි අපේක්ෂකයන් 36 දෙනා තරගයෙන් ඉවත් කරනවා".
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයින පුරා ක්‍රියාත්මක ‘රටම එකට’ ජාතික මෙහෙයුම මගින් මේ දක්වා සැකකරුවන් 288,841 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිරදඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් විවෘත වරෙන්තු නිකුත් කර තිබේ.
කොළඹ වරායේ CICT පර්යන්තයේ තිබූ බව කියන මත්ද්‍රව්‍ය තොගයක් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව කටයුතු කිරීමේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරි පැහැර හැරීම් හෝ නොසැලකිලිමත් ක්‍රියා සිදුවී ඇත්ද යන්න සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් විමර්ශනයක් ආරම්භ කිරීමට පොලිස්පතිවරයා නියෝග කර තිබේ.