CLOSE

හිටපු පෙම්වතා විසින් ඇඟට පෙට්‍රල් දමා ගිනි තැබීමෙන් බරපතල තුවාල ලැබූ උගන්ඩා ජාතික කාන්තා මැරතන් ශූරියක වන රෙබේකා චෙප්ටිගෙයි සිදුවීමෙන් දින ගණනකට පසු මියගොස් තිබේ.

පැරිස් ඔලිම්පික් උළෙලට තරග වැදුණු 33 හැවිරිදි මෙම මැරතන් ශුරිය ඉකුත් ඉරිදා ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබුවා ය.

ඇය ජීවත්ව සිටි වයඹදිග කෙන්යාවේ පොලිසිය පවසන්නේ සිය දියණියන් දෙදෙනා සමග පල්ලියට ගොස් නැවත පැමිණි අවස්ථාවේදී ඇය ප්‍රහාරයට මුහුණ දී තිබූ බවයි.

ඉඩමක් සම්බන්ධයෙන් ඇතිවූ මතභේදයක් හේතුවෙන් ඇයගේ  හිටපු පෙම්වතා විසින් ඇයට එම ප්‍රහාරය එල්ලකර තිබු බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.