මහනුවර ප්‍රදේශ කිහිපයකට අද පැය 22ක ජල කප්පාදුවක්
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
රාජ්‍ය සේවක වැටුප් ඉහළ නැංවීමේ තීරණය ගැන මැතිවරණ කොමිසමට පැමිණිලි කිරීමට කටයුතු කරන බව පැෆ්රල් සංවිධානය පවසයි.
විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසා තිබුණේ, “මේ තීන්දුවල දේශපාලන භාවය සහ මැතිවරණයට මේක කොයි විදියට බලපායි ද කියන එක ප්‍රශ්නයක්,” යනුවෙනි.
මේ අතර රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළ නැංවීම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය පිළිබඳව සමගි ජන බලවේගය මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් යොමුකර තිබෙනවා.
එමගින් ඔවුන් පෙන්වා දෙන්නේ එය ජනාධිපතිවරණ ඡන්ද විමසීම් පනත උල්ලංඝනය කරමින් යොමුකර ඇති බැවින් ඒ පිළිබඳ විමර්ශනයක් සිදුකරන ලෙසයි.
රාජ්‍ය සේවයේ මූලික වැටුප, පහළම ශ්‍රේණි සඳහා අවමය 24%කින් සහ ඊට අනුරූපව සියලුම රාජ්‍ය සේවා වෘත්තිකයින් සඳහා 24% සිට 50% ට වැඩි අගයක් දක්වා මූලික වැටුප් ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබුණේ රාජ්‍ය සේවක වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති විශේෂඥ කමිටුවේ නිර්දේශ සැලකිල්ලට ගනිමින් ය.
2025 ජනවාරි 01 වැනිදා සිට අදාළ වැටුප් වර්ධක ක්‍රියාත්මක වීමට නියමිත අතර ඒ අනුව, කාර්යාල කාර්ය සහායක සේවයේ තුන්වන ශ්‍රේණියේ වැටුප රුපියල් 5,450කින් දෙවන ශ්‍රේණිය සඳහා රුපියල් 8,760ක් හා පළමු ශ්‍රේණිය සඳහා රුපියල් 10,950කින් වැටුප් වැඩිවීම සිදුවෙයි.
එම සේවයේ විශේෂ ශ්‍රේණියේ වැටුප රුපියල් 13,980කින් ඉහළ නැංවෙනු ඇති.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මන්ත්‍රීවරියන් වාචික හිංසනයට හෝ අපහාසයට ලක් වනපරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සිදුකරනු ලබන හැසිරීම් හෝ ප්‍රකාශ වැළැක්වීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයයෙන් කථානායකවරයා වෙත ඉල්ලීමක් කර තිබේ.
ඉතිහාසයේ පළමුවරට ලංගමයට කාන්තාවන් කොන්දොස්තරවරියන් ලෙස සේවයට බඳවා ගැනීම අද (6) සිදුවිය.