වාහන ආනයනයේදී අය කළ 50%ක අධිභාර බද්ද නැවතත්
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
මහජන දේපල සොරකම් කර ඇති නම් නීතිය ඉදිරියට ගෙනවිත් දඬුවම් ලබාදීමත් සොරකම් කරනලද දේපල පවරාගැනීමත් ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ අනිවාර්යයෙන්ම සිදු කරන බව එම පක්ෂයේ ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ අද (31) බියගම ප්‍රදේශයේ දී පැවති ජනරැලියක් අමතමිනි.
"මහජන දේපල සොරකම් කර ඇති නම් නීතිය ඉදිරියට ගෙනවිත් දඬුවම් ලබාදෙන එකයි සොරකම් කරනලද දේපල පවරාගන්න එකයි කරනවා. මම මෙහෙම කියනකොට සජිත් ප්‍රේමදාස ත් කියනවා හොරු අල්ලනවලු. මෙහෙම දකුණු අත පැත්ත බලනකොට කිරිඇල්ල, වම බලනකොට ඇලෝසියස් ගෙන් සල්ලි ගත්ත සුජීව, පිටිපස්ස බලනකොට නාලක ගොඩහේවා, බිම බලනකොට සජිත්. අල්ලයිද හොරු? මතක තියාගන්න මේ රටේ ජනතාව හෙම්බත්වෙලා ඉන්නේ. මේ රට මේ තරම් ප්‍රපාතයකට කඩා වැටෙන්න මේ තරම් අසරණ භාවයකට පත්වෙන්න වංචාව දුෂණය විශාල ලෙස හේතුවෙලා තියෙනවා. පාරක් හදන්න ලක්ෂ 100ක් වෙන් කරනවා. ඇමතිගේ ඉඳන් සභාපති බෙදීගෙන බෙදීගෙන ඇවිල්ලා අන්තිමට පාරට යන්නේ ලක්ෂ 30. ලක්ෂ 20ක් වෙන්කරේ අවුරුදු 20ක් තියෙන්න. හැබැයි හදන්නේ ලක්ෂ 30 තියෙන්නේ අවුරුදු 5යි. සංවර්ධනයට හොරකම බාධාවක්."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර පළාතේ වීදි සතුන් මුහුණ දෙන ගැටලු සඳහා තිරසාර විසඳුමක් ලබාදීමේ අරමුණින් එම සතුන් වෙනුවෙන් විශේෂ රැකවරණ මධ්‍යස්ථාන සහ සත්ව ආදාහනාගාර පහසුකම් ඇති කිරීමේ නව ව්‍යාපෘතියක් රජය ආරම්භ කර තිබේ.