හිනිදුම වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු මරුට
ගාල්ල හිනිදුම මහාබෝධිවත්ත ප්‍රදේශයේ භාවිත නොකරන හෝටලයක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තුන්දෙනෙකු මියගොස් තිබේ.
ජනාධිපතිවරණ අපේක්ෂකත්වය වෙනුවෙන් ඊයේ (15) දින නාම යෝජනා භාර දීමෙන් අනතුරුව සිය පාක්ෂිකයින් ඇමතූ ප්‍රධාන පෙළේ අපේක්ෂකයින් මැතිවරණ පොරොන්දු ලබාදුන්නේ මෙසේ ය.
‘‘ඔබේ අනාගතය රකින්න වරම දෙන්න‘‘ - රනිල්
රටේ නව ආර්ථික සහ දේශපාලන පරිවර්තකයක් කිරීමට තමා ආරම්කර තිබෙන වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන ගොස් මෙරට සියලු ජනතාවගේ අනාගතය සුරක්ෂිත කිරීමේ ජනවරම තමා වෙත ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමස්ත රටවැසි ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
මැතිවරණයක් පැවැත්වීමට තබා ආණ්ඩුව ගෙන යාමට නොහැකි වනු ඇතැයි බොහෝ දෙනා සිතූ රටක් වසර දෙකක් ඇතුලත ස්ථාවර තත්ත්වයකට ගෙනවිත් ජනාධිපතිවරණය ද පැවැත්වීමට හැකි පසුබිමක් නිර්මාණය කළ තමාට රට මින් ඉදිරියට ගෙන යාමේ ශක්තිය ද ඇති බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
රට ආර්ථික අර්බුදයකට පත් වු අවස්ථාවේ එය විසඳීමට අත නොගැසු නායකයන් ආණ්ඩුව ඉදිරියට ගෙන යාමට සුදුසුදැයි ජනතාව තීරණය කළ යුතු බව පැවසු ජනාධිපතිවරයා එදා ගිනි ගත් රටේ නීතිය සහ සාමය ආරක්ෂා කරමින් ආර්ථික වශයෙන් රට ඉදිරියට ගෙන යාමට තමා කටයුතු නොකළානම් අද බංග්ලාදේශයේ ඇතිව තිබෙන තත්ත්වයට ශ්‍රී ලංකාවට ද මුහුණ දීමට සිදුවන බව පෙන්වා දුන්නේය.
"එදා මේ රටේ දේශපාලන නායකයන් පැනලා ගියා. ආර්ථික ප්රශ්නය විසඳීමට කිසිවෙක් ඉදිරිපත් වුණේ නැහැ. නමුත් අද අප මෙම ගැටළු විසඳමින් රට ඉදිරියට ගෙනැවිත් තිබෙනවා. රට බංකොලොත් වීමට පෙර ජනතාවට නොදුන් සහන බංකොලත් බව ප්‍රකාශ කිරීමෙන් පසුව වුවත් අප ජනතාව වෙනුවෙන් අප ලබා දී තිබෙනවා. අස්වැසුම සහ උරුමය වැඩසටහන් හරහා ජනතාවට සහන ලබාදීමට අප කටයුතු කළා. ඒ වගේම පසුගිය ජනවාරි මාසයේ රජයේ සේවකයන්ට රුපියල් දස දහසක වැටුප් වැඩිවීමක් ලබා දුන්නා. ඉදිරි වසරේ ජනවාරි මාසයේ දී එය තවත් රුපියල් දස දහසකින් හෝ පහළොස් දහසකින් වැඩි කිරීමට අප බලාපොරොත්තු වෙනවා. මධ්‍යම පන්තියේ බදු බර අඩු කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ වගේම නැවත රජයේ රැකියා ලබාදීම ආරම්භ කර තිබෙනවා. වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට අප කටයුතු කළා. පුද්ගලික අංශයේ වැටුප් වැඩි වී තිබෙනවා. මේ අනුව රටේ ගොඩනැඟෙමින් පවතින ආර්ථිකය අප සියලුදෙනා එක්ව ඉදිරියට ගෙන යා යුතුයි. මේ ආරම්භ කළ වැඩසටහන තවත් වසර දෙක තුනක් ඉදිරියට ගෙන ගොස් මේ රටේ ජනතාව පොහොසත් කළ හැකි නව ආර්ථිකයක් රට තුළ නිර්මාණය කරන බව කිවයුතුයි.
අද අප ආරම්භ කර තිබෙන මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යමින් මේ රටේ ජනතාවගේ අනාගතය සුරක්ෂිත කිරිමට මා කටයුතු කරනවා. ඒ සඳහා වූ ජනවරම මෙම සැප්තැම්බර් 21 වනදා මට ලබා දෙන ලෙස මා ඉල්ලා සිටිනවා. රටේ නව ආර්ථික පරිවර්තනයක් සිදු කර මේ රටේ ජනතාවට මම හොඳ අනාගතයක් ගොඩනඟා දෙනවා."
පොදු ජන යුගයක් බිහි කරනවා - සජිත්
පොදුජන යුගයක් බිහි කිරීමට එක්වන්නැයි ප්රජාතන්ත්රවාදය අගය සියලුම ජනතාවට ආරාධනා කරන බව සමගි ජනසන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
ලක්ෂ 220ක් ජනතාව ගත කරන දුකින් මුදවා ගන්නා සැමට සෞභාග්‍ය ලැබෙන සැමට සංවර්ධනය උදා කරන නව යුගයක් බිහිකිරීමේ අරමුණින් තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
දූෂණය වංචාව හොරකම තුරන් කරන යුගයක්, පොදුජනතාවට පරාර්ථකාමීව සේවාවක් කරන යුගයක් නියත වශයෙන් ම සැප්තැම්බර් 21 ජනාධිපතිවරණයත් සමඟ ආරම්භ වන බවත් විපක්ෂ නායකවරයා එහිදී පැවසීය.
පොදුජනතාවගේ හයියෙන් ලක්ෂ 220ක් ජනතාව දිනවන ගමන සමගි ජන බලවේගය ප්රමුඛ සමගි ජන සන්ධානය යන බවත් රට ගොඩගත හැකි උගත් බුද්ධිමත් කණ්ඩායම සිටින්නේ සමගි ජන බලවේගයට හා සමගි ජන සන්ධානයට බවත් ශ්‍රී ලංකාව ලොව අංක 1ට ගෙන ඒමට මෙම කණ්ඩායම සමග කටයුතු කරන බවත් ඔහු කීවේය.
සියලු දේ කැපකර පොදුජනතාව ජිවත් කරවන, රටේ නීතියට ගරු කරන, අහිමි වූ දේපල සම්පත හොරා කාපු මුදල් නැවත රටට ලබා ගන්නා පොදුජන යුගය බිහි කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එහිදී තවදුරටත් පැවසීය.
ජනතාව සමඟ සම්මුතියක් ඇති එකම පක්ෂය ජාතික ජන බලවේගය - අනුර
ජනතාව සමඟ සම්මුතියක් ඇති එකම පක්ෂය ජාතික ජන බලවේගය යැයි එහි නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පැවසීය.
''අපේ සම්මුතිය තිබෙන්නේ මේ රටේ ජනතාව සමඟයි මේ දවස්වල තවත් ගිවිසුම් විශාල ප්‍රමාණයක් අත්සන් කරන බව දක්නට ලැබෙනවා. ඒවා ජනතාව සමඟ එළඹෙන ගිවිසුම් නොවෙයි ඒවායේ සඳහන් වන්නේ ඒ ඒ පක්ෂ වලට ලැබෙනඅපේක්ෂකයන් මන්ත්‍රීධූර ඇමැති ධුර යන සංඛ්‍යායි.
මීට මාස කීපයකට පෙර විවිධ මතවාදවල සිටි එකිනෙකාට අවලාද නැගූ එරෙහිවූ කණ්ඩායම් දැන් එක වේදිකාවට නගිනවා.. ක්‍රිකට් ක්‍රීඩාව ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටි අයයි එය විනාශ කරනවා යැයි කියු අයයි එක වේදිකාවේ. මහජනයාගේ දේපල සොරකම් කළ අයමෙන්ම ඒවාට දඬුවම් දෙනවා යැයි කියූ අයයි එක වේදිකාවට නගිනවා
ඒ අනුව මේ එහෙට මෙහෙට පනින ගෙඹි දේශපාලනය සැප්තැම්බර් 21වෙනිදා අවසන් කරනවා. මේ තමයි මේ රටේ ජනතාව දිනන ඡන්දය. මේක තමයි මේ රටේ වෙනස් කරන ඡන්දය මේ අය හොරා කාපු දේපළ පවරා ගැනීමටත් ඒ අයට විරුද්ධව නීති මාර්ගයෙන් කටයුතු කිරීමටත් අනිවාර්යයෙන්ම පියවර ගන්නවා"
‘‘අහිංසක බලාපොරොත්තු ඉටු කිරීම වගකීමක්‘‘- නාමල්
මෙරට ජනතාවගේ අවශ්‍යතාවයන් සහ අහිංසක බලාපොරොත්තු ඉටුකිරීම සිය වගකීම ලෙස සලකන බවත් අහිංසක දෙමව්පියන්ගේ මෙන්ම තරුණයන්ගේ බලාපොරොත්තු ඉටු කළ හැකි දැවැන්ත වැඩපිළිවෙළක් සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින බවත් එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ පැවසීය.
තමන් මෙම මැතිවරණයට ඉදිරිපත් වූයේ ජයග්‍රහණය කිරීමට බවත් මෙරට ජනතාව සහ රට ආරක්ෂා කිරීමේ දැඩි අවශ්‍යතාවයක් තමන්ට ඇති බවත් ඔහු කීය.
නූතන පරම්පරාවේ දේශපාලන සහ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට තමන්ට හැකියාවක් ඇති බව කී නාමල් රාජපක්ෂ මෙරට අම්මා තාත්තගෙන්, තරුණයන්ගෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එකතු වන ලෙස ඉල්ලා සිටින බව ද සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ සංස්කෘතිය සහ අපේකම ආරක්ෂා කරන ගමන් නූතන පරම්පරාවට ගැළපෙන ආකාරයට රට සකස් කිරීමට නවීකරණය සඳහා ගමන් කිරීමට එකතුවන ලෙස ඉල්ලා සිටින බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ගාල්ල හිනිදුම මහාබෝධිවත්ත ප්‍රදේශයේ භාවිත නොකරන හෝටලයක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තුන්දෙනෙකු මියගොස් තිබේ.
පසුගිය වසරේ නොවැම්බර් මාසයේ ඇති වූ ගංවතුරෙන් වගා හානියට පත් ගොවි ජනතාව සඳහා වන්දි ලබාදීම අද (30) සිට ආරම්භ කරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.
ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ දේශපාලන ප්‍රධානී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා අද (29) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.