ට්‍රම්ප්ට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය පුරා "නෝ කිංග්ස්" විරෝධතා
ඇමරිකා එක්සත් ජනපදය පුරා නගරවල ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව විශාල විරෝධතා සංවිධානය කර තිබේ.ඒ මීට පෙර මිලියන ගණනක් ජනකායක් ආකර්ෂණය කර ගත් නෝ කිංග්ස් රැලිවල තුන්වන ආගමනය සනිටුහන් කරමින්.
දකුණු අප්‍රිකානු රූ රැජින කිරුළු පළන් පළමු බිහිරි කාන්තාව බවට 28 හැවිරිදි ''මියා ල රූ'' පසුගියදා පත්වුණා ය.
ඒ, අවසන් වටයට සුදුසුකම් ලැබූ 'හිදිමා අඩෙට්ෂිනා' නම් තරගකාරියක ගේ නයිජිරියානු උරුමය ගැන දිගින් දිගටම සමාජ මාධ්‍ය ඔස්සේ අපවාදාත්මක මත පළකිරීම් හමුවේ, එම තරගකාරියට ඉන් ඉවත්ව යාමට බලකෙරෙන තැනට පත්වුණු තරගයකින් අනතුරුවයි.
මියා ල රූ කිරුළ දිනා ගැනීමෙන් අනතුරුව ප්‍රකාශ කර සිටියේ, ''සමාජයෙන් කොන් කර ඇතැයි හඟින අයට සිය සිහින සාක්ෂාත් කර ගැනීමට තමන්ගේ ජයග්‍රහණය උපකාර වනු ඇතැයි සිතන බවයි''.
ඇය වැඩිදුරටත් පැවසුවේ "මූල්‍යමය වශයෙන් අපහසුතා ඇති හෝ විශේෂ අවශ්‍යතා සහිත" අයට උපකාර කිරීමට ඇයට වුවමනා බවයි.
"කළු-කළු වෛරයේ" ගොදුරක්
23 හැවිරිදි නීති ශිෂ්‍යාවක් වන 'හිදිමා අඩෙට්ෂිනා' පසුගිය සතියේ දී තරගයෙන් ඉවත් වූයේ ඇයගේ මව දකුණු අප්‍රිකානු කාන්තාවක ලෙස පෙනී සිටිමින් සිය සැබෑ අනන්‍යතාවය වසන් කරන බවට එල්ල වූ චෝදනා හේතුවෙනි.
අඩෙට්ෂිනා නයිජීරියානු පියෙකුට සහ මොසැම්බික් සම්භවයක් ඇති මවක දාව දකුණු අප්‍රිකාවේ උපත ලැබූ තරුණියකි.
රට නියෝජනය කිරීමට ඇයට ඇති අයිතිය ප්‍රශ්න කරමින් සති ගණනාවක සිට සමාජ මාධ්‍ය ඔස්සේ ඇයට අපවාද එල්ල වූ අතර එලෙස අපවාද කළ පුද්ගලයින් අතර කැබිනට් අමාත්‍යවරයෙක් ද සිටියි.
දකුණු අප්‍රිකානු නොවන වෙනත් අප්‍රිකානු රටවලින් පැමිණෙන හෝ සම්භවයක් ඇති පුද්ගලයින් ඉලක්ක කරගනිමින් වෛරිසහගත වෙන්කොට සැලකීම් සිදු කෙරෙන "afrophobia" නම් භීතිකාවේ එනම්, "කළු-කළු වෛරයේ" ගොදුරක් බවට තමන් පත්ව ඇතැයි හිදිමා අඩෙට්ෂිනා පැවසුවා ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඇමරිකා එක්සත් ජනපදය පුරා නගරවල ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව විශාල විරෝධතා සංවිධානය කර තිබේ.ඒ මීට පෙර මිලියන ගණනක් ජනකායක් ආකර්ෂණය කර ගත් නෝ කිංග්ස් රැලිවල තුන්වන ආගමනය සනිටුහන් කරමින්.
මැයි 14-15 දිනවල චීනයේදී එරට ජනාධිපති ෂී ජින්පින් හමුවන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඒ ඉරානය සමඟ එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධය නිසා එම සංචාරය ප්‍රමාද වීමෙන් අනතුරුවයි.
වයඹදිග චීනයේ, ජිලිංග් පළාතේ චංචුංග් අගනුවර අධිවේගී මාර්ගයක ගමන් කළ සිටි බල්ලන් හත් දෙනකුගෙන් සමන්විත බලු රංචුවක් මේ වනවිට සමාජ මාධ්‍යයේ වෛරල් වෙමින් පවතී.