2026 ඡන්ද හිමි නාම ලේඛනය ලියාපදිංචි කිරීම ගැන දැනුම්දීමක්
2026 වසරට අදාළ ඡන්ද හිමි නාම ලේඛනය ලියාපදිංචි කිරීමේ කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
නිදහස් පක්ෂයේ අර්බුදය සම්බන්ධයෙන් වගකිව යුත්තේ ශ්‍රීලනිපයේ සිට ආණ්ඩුවට ගිය පිරිස බවට හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන අද (9) පාර්ලිමේන්තුවේදී චෝදනා කිරීමත් සමඟ උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.
කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සහ මෛත්‍රීපාල සිරිසේන අතර එහිදී බහින්බස් වීමක් ඇතිවිය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන:-
"මගේ නැවතීම අංගොඩින් හෝ වැලිකඩින් කියා ශ්‍රිලනිපයෙ සිට ආණ්ඩුවට ගිය ඇමති කෙනෙක් කියා තිබුණා. ආණ්ඩුවේ දැන් ඉන්න ඇමතිවරුන් මේ ප්‍රශ්නය අතට අරගෙන අධිකරණයට බලපෑමක් කොට මම හිරේ යවන්න වෑයම් කරනවාදැයි මට සැකයක් තිබෙනවා.
මේවා පිටිපස්සේ ඉන්නේ ආණ්ඩුව ඇමතිවරු. ශ්‍රීලනිපය ගොඩ ගැනීම වෙනුවෙන් අප ජීවිතය කැප කරන බව කිව යුතුයි.
දේශපාලන පක්ෂයක අර්බුද ඇතිවීම අලුත් දෙයක් නොවේ. අර්බුද පක්ෂ වලට විසඳා ගන්න නොදී සම්පූර්ණයෙන්ම රාජ්‍ය මැදිහත්වීම් තුළ කරන කටයුතු අප හෙළා දකිනවා.
අපේ පක්ෂයේ ප්‍රශ්න වලට අධිකරණයට උඩින් ගිහින් පොලිසිය දැමීම කොතරම් සාධාරණද?
අමාත්‍ය මහින්ද අමරවීර:-
අංගොඩ හෝ වැලිකඩ නවතින්න වේවි කියා කතාවක් මම නම් කිව්වේ නෑ. අංගොඩ යා යුතු අය අංගොඩ යාවි. අදාල නැති කෙනෙකුට ශ්‍රීලනිපය බාර දුන්නා. දයාසිරි ඉවත් කළේ අපිද?
මෛත්‍රිපාල සිරිසේන:-
මේ පක්ෂය විනාශ වෙන්න මුල මේ පිරිස ආණ්ඩුවට ගිහින් ඇමතිකම් ගැනීම. දැන් මැතිවරණ ළං වෙනකොට ශ්‍රීලනිපය ආණ්ඩුවට හේත්තු කරන්න යනවා.
රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න:-
මේ පක්ෂය විනාශ වුණේ අපි ආණ්ඩුවට ගිය එකෙන් නොවේ. ආප්ප කාල ගිය එක තමයි පක්ෂය විනාශ වෙන්න ප්‍රධාන හේතුව.
මහින්ද අමරවීර:-
සුද්දවන්තයො වගේ කතා කරන අයගේ හොරකම් ඉදිරියේදී නම් ගම් එක්ක හෙළි කරනවා.
මෛත්‍රීපාල සිරිසේන:-
මොවුන්ගේ ප්‍රකාශ අසත්‍යයි. එපා කියද්දි ආණ්ඩුවට ගියා. ඔය ගොල්ලෝ හොරෙන් ඇමතිකම් ගත්තා.
මහින්ද අමරවීර:-
මන්ත්‍රීවරුන් 142ක් එක්ක පක්ෂය බාරගෙන දෙන්නට අඩු කළා
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2026 වසරට අදාළ ඡන්ද හිමි නාම ලේඛනය ලියාපදිංචි කිරීමේ කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
වසර පහකට අධික කාලයක් පුරාවට පොලිස් නිලධාරීන්ට අහිමි වී තිබූ උසස්වීම් කඩිනමින් ලබා දීමට වත්මන් රජය පියවර ගෙන ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කරයි.
වනවාසල ප්‍රදේශයේදී දුම්රියක් පීලි පැනීමෙන් තුවාල ලැබූ පුද්ගලයින්ගෙන් තවත් තිදෙනෙකු පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව දුම්රිය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ පවසයි.