තැපැල් ඡන්දය පැවැත්වෙන දින වෙනස් වෙයි
2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මධ්‍යම පළාත් සභාවේ මහනුවර නිල නිවස සඳහා කුලිය තම මන්ත්‍රී වැටුපෙන් කපා ගැනීමට කැමැත්ත පළ කරමින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පාර්ලිමේන්තු මහ ලේකම්වරියට ලිපියක් යොමුකර තිබේ.
කෙහෙළිය රඹුක්වැල්ල ගේ නිවස අරගලය සමයේ දී ගිනි තබා විනාශ කිරීමෙන් පසු ඔහුට තාවකාලිකව කුලී පදනම මත රැඳී සිටීම සඳහා රජය විසින් මහනුවර මලබාර් වීදියේ මධ්‍යම පළාත් මහ අමාත්‍ය නිල නිවස දෙනු ලැබීය.
ඔහුට එහෙම නිවස ලබාදී තිබුණේ මාසික මන්ත්‍රී වැටුපෙන් 10%ක මුදලක් අයකර ගැනීමේ ගිවිසුමක් මතය.
ඔහු සෞඛ්‍ය අමාත්‍ය ධූරයේ සහ පරිසර අමාත්‍ය ධූරයේ සිටි කාලය තුළදී එම අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ මාර්ගයෙන් අදාල මුදල් මධ්‍යම පළාත් සභාවට ලැබී තිබුණද ඔහු රිමාන්ඩ් බන්ධනාගාර ගතවීමෙන් පසු එම මුදල් ලැබීම නතර වී තිබිණ.
ඒ අනුව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යාංශය එම මුදල අය කර දෙන ලෙස පාර්ලිමේන්තුවේදී මහ ලේකම්වරියගෙන් පසුගියදා ඉල්ලීමක් කළේය. ඒ අවස්ථාවේදී ලේකම්වරිය පැවසුවේ මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් මුදල් අය කර ගැනීමේ බලයක් ඇතත් පිටස්තර නිවාස වෙනුවෙන් මුදල් අය කර ගැනීමේ බලයක් තමාට නැති බවයි.
කෙසේ වෙතත් මුදල් අය කර ගැනීමට මන්ත්‍රීවරයා කැමැත්ත පළ කර පළ කර ලිපියක් ලබා දෙන්නේ නම් මුදල් අය කළ හැකි බවද මහා ලේකම්වරිය ඒ අවස්ථාවේදී දැනුම් දුන්නාය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එළැඹෙන ජූනි මාසයේ සිට තවත් පවුල් ලක්ෂ 4කට අස්වැසුම ප්‍රතිලාභය ලබාදීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට් බදුවලින් නිදහස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.