මහනුවර ප්‍රදේශ කිහිපයකට අද පැය 22ක ජල කප්පාදුවක්
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
රාජ්‍ය අර්ධ රාජ්‍ය සහ පළාත් රාජ්‍ය සේවයට අයත් සේවාවන් විශාල ප්‍රමාණයක් නියෝජනය කරන වෘත්තිය සමිති 200 කට අධික ප්‍රමාණයක් අද (8) සහ හෙට (9) දිනයේ වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වී තිබේ.
ඒ අනුව අද සහ හෙට දිනයේ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියා මාර්ගයකට අවතීර්ණ වෙමින් සියලූම සේවාවලින් ඉවත්වීමට කටයුතු කරන බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු චන්දන සූරියආරච්චි පැවසීය.
සේවා ශ්‍රේණි භේද නැතුව රුපියල් 25000ක දීමනාව ලබාගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අවතීර්න වන බවත් ඔහු සඳහන් කළේය. ජීවන වියදම ඉහළ යාම, බදු බර වැඩිදීම මත ඇතිවූ ආර්ථික පීඩනය වෙනුවෙන් රාජ්‍ය සේවයේ විධායක සේවයේ නිලධාරීන්ට පමණක් සීමා කරමින් රුපියල් 25000ක දක්වා දීමනාවක් වැඩිකර ඇති බවත් ඔහු පැවසීය.
ආණ්ඩුව නිසි ක්‍රියාමාර්ගයක් නොගතහොත් ඉදිරියේදී වෘත්තිය ක්‍රියාමාර්ග දැඩි කිරීමට සිදුවන බවත් ඔහු තවදුරටත් පැවසීය.
ගුරු සේවයත් ලෙඩ වෙයි
එමෙන්ම ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශෆ් ස්ටාලින් මහතා පැවසුවේ, ගුරු විදුහල්පති වෘත්තීය සමිති අද දිනයේ සේවයට වාර්තා කළ ද හෙට දිනයේ අසනීප නිවාඩු වාර්තා කිරීමට තීරණය කර ඇති බවයි.
මේ අතර, සෞඛ්‍ය කේෂ්ත්‍රයට අදාළව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ හෙද සංගම් මෙම වර්ජනයට සහාය නොදීමට මේ වනවිටත් තීරණය කර තිබෙනවා.
ඒ අනුව, සෞඛ්‍ය කේෂ්ත්‍රයේ කටයුතු ගැටලුවකින් තොරව සිදුකෙරෙණු ලබනවා.
කෙසේ වෙතත්, අද දිනයේ දී වෘත්තීය සමිති නියෝජිතයින් සිදු කිරීමට නියමිත වර්ජනය හේතුවෙන් රාජ්‍ය සේවය අකර්මණ්‍ය වීමේ අවදානමක් මතුව තිබෙනවා.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මන්ත්‍රීවරියන් වාචික හිංසනයට හෝ අපහාසයට ලක් වනපරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සිදුකරනු ලබන හැසිරීම් හෝ ප්‍රකාශ වැළැක්වීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයයෙන් කථානායකවරයා වෙත ඉල්ලීමක් කර තිබේ.
ඉතිහාසයේ පළමුවරට ලංගමයට කාන්තාවන් කොන්දොස්තරවරියන් ලෙස සේවයට බඳවා ගැනීම අද (6) සිදුවිය.