CLOSE

ජපානයේ ව්‍යාප්ත වෙමින් පවතින දුර්ලභ බැක්ටීරියා ආසාදනය සම්බන්ධව මෙරට ජනතාව අනියත බියක් ඇති කරගැනීමට අවශ්‍ය නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

streptococcal toxic shock syndrome ලෙස හඳුන්වන මෙම බැක්ටීරියාව මේ වසරේ පළමු මාස 6දී පමණක් නව ආසාදිතයන් 977ක් ජපානයෙ​න් වාර්තාවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඒ අනුව එය සාමන්‍ය ජනතාව අතර තියෙන බැක්ටීරියා තත්ත්වයක් බවත් කලාතුරකින් එහි සංකූලතාවයක් ලෙස මාරාන්තික තත්ත්වයට පත්විය හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා සඳහ​න් කළේ.

ප්‍රතිජීවක ඖෂධවලින් මෙය වෙනස් කිරීමට හැකි බවත් මෙරට​ට ඇතිවේ යැයි අනියත බියක් ඇති කර ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව​ත් වෛද්‍යවර​යා වැඩිදුරටත් කියා සිටියා.

 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.