විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසර දෙකකින් දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය
අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර වැඩසටහන යටතේ ඉටුකළ යුතු ආණ්ඩුකරණයට අදාළ වැදගත් කැපවීම් ඉටු කිරීමට ශ්‍රී ලංකාව දිගින් දිගටම අපොහොසත් වෙමින් සිටින බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර වැඩසටහන යටතේ ඉටුකළ යුතු ආණ්ඩුකරණයට අදාළ වැදගත් කැපවීම් ඉටු කිරීමට ශ්‍රී ලංකාව දිගින් දිගටම අපොහොසත් වෙමින් සිටින බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.
ආණ්ඩුකරණය මෙරට ආර්ථිකය නැවත නගා සිටුවීමේ පදනම බවද වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ණය මුදලේ තුන්වෙනි ණය වාරිකයට ලබන 12 වැනිදා එම අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමැතිය ලබාදෙනු ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර වැඩසටහන යටතේ පසුගිය මැයි මාසය අවසන් වනවිට ඉටුකළ යුතු කැපවීම් 63 න් ශ්‍රී ලංකාව ඉටුකර ඇත්තේ කැපවීම් 32 ක් පමණක් බවත් කැපවීම් 16ක් ශ්‍රී ලංකාව ඉටු කිරීමට අපොහොසත් වී ඇති බවත් වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය. තවත් කැපවීම් 15 ක ප්‍රගතිය මැනීමට ප්‍රමාණවත් තොරතුරු නොමැතිවීම හේතුවෙන් එම කැපවීම්වල ප්‍රගතිය නොදනී ලෙස වර්ගකර තිබෙන බව වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.
ඉටුකිරීමට අපොහොසත්වූ කැපවීම් 16 න් 7ක් මූල්‍ය කළමණාකරනයටත්, 6ක් මූල්‍ය විනිවිදභාවයටත්, 3ක් දූෂණ මර්දන ක්‍රියාමාර්ගවලටත්, අදාළ වීමෙන් ශ්‍රී ලංකාව සිය ආණ්ඩුකරණයට අදාළ කටයුතුවල තත්ත්වය සංවර්ධනය කරගැනීමට දිගින් දිගටම අපොහොසත් වී ඇති බව පෙනී යන්නේ යැයි වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය. ආණ්ඩුකරණයට අදාළ කැපවීම් නැවත නැවතත් ‘ඉටුකර නැති’ ලෙස වර්ග කිරීමට සිදුව ඇති තත්ත්වයක පෙනී යන්නේ අන්තර්ජාතික මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආණ්ඩුකරණයට අදාළ කැපවීම් ඉටුකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ප්‍රමාණවත් අවධානයක් යොමුකර නොමැති බව යැයි වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැරේ කාවඩි නර්තනය සම්බන්ධයෙන් මතුව තිබූ මතභේදාත්මක තත්ත්වයට විසඳුමක් ලබා දෙමින්, පසුගිය වසරේ පෙරහැරට සහභාගි වූ කාවඩි නර්තන කණ්ඩායම් 45ටම මෙවරද එක්වීමට අවසර ලබාදීමට තීරණය කර තිබේ.
වන අලි කළමනාකරණ රාජකාරි කටයුතු හා අනෙකුත් ක්ෂේත්‍ර රාජකාරි අවශ්‍යතා සඳහා යොදා ගැනීම සදහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මිලදී ගත් ඩබල් කැබ් රථ 16ක් සහ යතුරු පැදි 181 ක් එම දෙපාර්තමේන්තුව වෙත සංකේතාමකව භාරදීම පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි විසින් අද (27) දෙපාර්තමෙන්තු පරිශ්‍රයේ දී සිදු කෙරිණි.