මහනුවර ප්‍රදේශ කිහිපයකට අද පැය 22ක ජල කප්පාදුවක්
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
දිස්ත්‍රික්ක 12 කට බලපා ඇති අධික වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් පවුල් 34,492ක පුද්ගලයින් 134,484 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.
මේ වන විට පවුල් 1753 ක පුද්ගලයින් 6963 දෙනෙකු ආරක්ෂිත මධ්‍යස්ථාන 81 ක රඳවා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ය.
පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් එක් නිවසකට පූර්ණ හානි සිදුව ඇති අතර අර්ධ හානිවූ නිවාස සංඛ්‍යාව 240 ක්.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, ඊයේ සවස 6 සිට අද අලුයම දක්වා කාලය තුළ පමණක් පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 1,113 ක පුද්ගලයින් 4495 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි.
මේ අතර, වැඩිම හානි ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම දිස්ත්‍රික්කයේ පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව, 80 529 කි.
කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 10,914 ක පුද්ගලයින් 40,231 දෙනෙකු පීඩාවට පත්ව තිබේ.
මේ අතර කළු,කැළණි ගංඟ සහ අත්තනගලු ඔය තවදුරටත් සුළු ගංවතුර මට්ටමේ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සදහන් කලේ කැළණි ගග නාගලගම්වීදියෙන්ද ,කළු ගග කුඩා ගග ප්‍රදේශයෙන්ද, අත්තනගලු ඔය දූනමලේ ප්‍රදේශයේන්ද සුළු ගංවතුර මට්ටමට පැමිණ ඇති බවයි.
එමෙන්ම කළු ගග පුටුපවුල ප්‍රදේශයෙන් හා මගුර ප්‍රදේශයෙන් අවදානම් මටට්ටමට ලගා වී තිබේ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කලේ නිල්වලා ගග ද පානදුගම ප්‍රදේශයෙන් ගංවතුර අවදානම් මට්ටමේ පවතින බවයි.
මේ අතර දිස්ත්‍රික්ක 8 කට තවදුරටත් නායයෑමේ අනතුරු ඇඟවීම් ක්‍රියාත්මකයි.
කොළඹ, කළුතර, ගම්පහ, ගාල්ල, කෑගල්ල, කුරුණෑගල, නුවරඑළිය සහ රත්නපුර, එම දිස්ත්‍රික්ක වෙයි.
මේ අතර, ජලයෙන් යටවීම හේතුවෙන් මාර්ග රැසක ගමනාගමනයට තවදුරටත් බාධා එල්ල වී ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ය.
මේ අතර, බස්නාහිර ,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 100 ඉක්මවු වැසි ඇති වන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
newsfirst.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මන්ත්‍රීවරියන් වාචික හිංසනයට හෝ අපහාසයට ලක් වනපරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සිදුකරනු ලබන හැසිරීම් හෝ ප්‍රකාශ වැළැක්වීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයයෙන් කථානායකවරයා වෙත ඉල්ලීමක් කර තිබේ.
ඉතිහාසයේ පළමුවරට ලංගමයට කාන්තාවන් කොන්දොස්තරවරියන් ලෙස සේවයට බඳවා ගැනීම අද (6) සිදුවිය.