ඉදිරියේදී වැසි තත්ත්වයේ වැඩි වීමක්
ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ලබන 15 වැනිදා සිට වහාම ක්‍රියාත්මක වන පරිදි දිසා විනිසුරුවරුන්, මහෙස්ත්‍රාත්වරුන් ඇතුළු අධිකරණ නිලධාරීන් 106 දෙනකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.
අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපති අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ කොමිෂන් සභාවේ නියෝගය පරිදි අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් ප්‍රසන්න අල්විස් විසින් එකී ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.
දිසා විනිසුරුවරු 17 දෙනෙක්, අතිරේක දිසා විනිසුරුවරු 23 දෙනෙක්, වැඩබලන දිසා විනිසුරුවරු සහ වැඩ ආවරණ කළ අතිරේක දිසා විනිසුරුවරු 6 දෙනෙක් ද එලෙස ස්ථාන මාරුවීම් ලැබූ පිරිස අතර වෙති. විනිසුරු පුහුණු ආයතනයේ පුහුණුව ලබමින් සිටි 17 දෙනකු ද පුහුණුව අවසන් වීමෙන් පසුව ස්ථාන මාරුවීම් ලබා ඇත. සෙසු පිරිස මහෙස්ත්‍රාත්වරුන්, අතිරේක මහෙස්ත්‍රාත්වරුන් හා වැඩ ආවරණ රාජකාරි කළ වැඩබලන මහෙස්ත්‍රාත්වරු ද වෙති.
එලෙස ස්ථාන මාරුවීම් ලැබූ පිරිස දිවයිනේ විවිධ පළාත්වල දිසා විනිසුරුවරුන්, අතිරේක දිසා විනිසුරුන්, මහෙස්ත්‍රාත්වරුන් හා අතිරේක මහෙස්ත්‍රාත් ධුරවල රාජකාරි කටයුතු සඳහා පත්කොට තිබේ.
කොළඹ, මාලිගාකන්ද, ගල්කිස්ස යනාදී ප්‍රදේශවල සේවය කළ අධිකරණ නිලධාරීන් මෙන්ම යාපනය, ත්‍රිකුණාමලය, මහනුවර, තංගල්ල, අවිස්සාවේල්ල, හැටන්, බලපිටිය, ගාල්ල, අනුරාධපුරය, කල්මුණේ යනාදී ප්‍රදේශවල රාජකාරි කළ දිසා විනිසුරු, අතිරේක දිසා විනිසුරුවරුන් හා මහෙස්ත්‍රාත්වරුන්ට එලෙස ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්. තුරෙයිරාජා මහතා හා මහින්ද සමයවර්ධන යන මහත්වරුන් දෙදෙනා එම කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කරති.
ඒ.ජේ.ඒ. අබේනායක | divaina.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත 2026.05.12 දින පැමිණෙන ලෙසට ලිපියක් මගින් දන්වා ඇත.
2026 වසරේ දෙවන හා තෙවන කාර්තු වලට අදාළව ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 180ට වැඩි විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි ගාස්තු සියයට 18කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.