කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක් !
ශ්‍රී ලංකාව ආශ්‍රීතව පවතින අඩුපීඩන කලාපය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබේ.
Starlink' අන්තර්ජාල සේවාව මේ වන විට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක බව ලොව සුප්‍රකට ව්‍යාපාරික ඊලොන් මස්ක් ඔහුගේ "X" ගිණුමෙහි සටහනක් තබමින් පවසා තිබේ.
සීමාසහිත ස්ටාර්ලින්ක් ලංකා (පුද්ගලික) සමාගමට චන්ද්‍රිකා තාක්ෂණය භාවිතයෙන් ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සේවා සැපයීම සඳහා “විදුලි සංදේශ සේවා සැපයුම්කරු” බලපත්‍රයක් නිකුත් කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව 2024 අගෝස්තු 14 වනදා කටයුතු කළේය.
Starlink යනු කුමක් ද?
Starlink ඉන්ටර්නෙට් සේවාව යනු, පෘථිවි පෘෂ්ටයට සාපේක්ෂව ආසන්න කක්ෂයක් හෝ පහළ පෘථිවි කක්ෂය තුළ ස්ථානගත කර ඇති චන්ද්‍රිකා මත පදනම් වූ ඉන්ටර්නෙට් පද්ධතියකි.
ෆයිබර් ඔප්ටික් කේබල් භාවිත කිරීම වෙනුවට Starlink, අධික වේගයෙන් දත්ත හුවමාරු කිරීම සඳහා කුඩා, පහළ-කක්ෂීය චන්ද්‍රිකා දහස් ගණනකින් සැදුම්ලත් පද්ධතියක් භාවිත කරයි.
සරලව පැවසුවහොත්, Starlink විසින් රේඩියෝ තරංග හරහා ඉන්ටර්නෙට් දත්ත, කක්ෂයේ ඇති චන්ද්‍රිකා වෙත යවනු ලබන අතර, එය පෘථිවියේ විවිධ ප්‍රදේශවල සිටින පරිශීලකයින් වෙත යොමු කරයි.
ගාස්තු සහ පැකේජ මොනවා ද?
Starlink වෙබ් අඩවියේ සඳහන් පරිදි නිවාස සඳහා සුදුසු පැකේජයේ මාසික ගාස්තුව රුපියල් 15,000කි.
එමෙන් ම තාක්ෂණික උපකරණ සඳහා රුපියල් 118,000ක් අය කරනු ලබයි.
මෙම සේවාව ඔස්සේ සීමා රහිත අන්තර්ජාල සේවාවක් ලබා දෙනු ලබන අතර මෙම ගාස්තු සඳහා බදු ඇතුළත් ද යන්න එහි සඳහන් කර නැත.
දැනට එම සමාගම ශ්‍රී ලංකාව සඳහා හඳුන්වා දී ඇත්තේ මෙම පැකේජය පමණක් බව ඔවුන්ගේ වෙබ් අඩවිය පරික්ෂා කිරීමේ දී දැකගත හැකි වේ.
මුලාශ්‍ර : BBC
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ශ්‍රී ලංකාව ආශ්‍රීතව පවතින අඩුපීඩන කලාපය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබේ.
"අපි හිතනවා අපේ නිර්දෝශීභාවය ඔප්පු කරන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි පරීක්ෂණ කටයුතුවලට සහයෝගය දෙන එක ඒ නිසා එන්න කියන ඕනෑම වෙලාවක එනවා", යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය (GMOA) වැඩවර්ජනයක් දියත් කර තිබූ පසුගිය අප්‍රේල් 09 වන දින ත්‍රිකුණාමලය මහ රෝහලේ බිළිඳෙකු මියයාමේ සිද්ධියට ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ඕ.වී.ජී.එල් වීරසේනගේ සහ ජ්‍යෙස්ඨ නේවාසික වෛද්‍ය එස්.ඒ.එන්.ඩී සියඹලාපිටියගේ වැඩ තහනම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පසුගිය 08 වනදා පියවර ගෙන තිබේ.