තද වැසි සහ සුළං තවදුරටත්
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
ඖෂධ වර්ග 90ක මිල අඩු කිරීමට ඖෂධ නියාමන අධිකාරිය සැලසුම් කර තිබේ.
එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ, ඒ සඳහා ඖෂධ සමාගම් කිහිපයක් දිස්ත්‍රික් අධිකරණයේ ගොනු කර ඇති නඩු කටයුත්තකින් බාධා මතුව ඇති බවයි.
ඒ අනුව මෝසමක් මගින් ඒ සඳහා කරුණු දැක්වීමට නියමිත බව ඔහු පැවසුවේ ය.
ඉන් අනතුරුව ඖෂධ මිල ගණන් අඩු කිරීම කඩිනමින් සිදු කිරීමට නියමිත බව ඖෂධ නියාමන අධිකාරිය ප්‍රකාශ කළේ ය.
newsfirst.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ (02) රාත්‍රියේ සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඩෙවෝන් දිය ඇල්ලට ජලය සපයන ඩෙවෝන් ඇළ පිටාර ගොස් කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ සහ ලොග්ගිල් වතුයායේ නිවාස 40ක් ජලයෙන් යටවී තිබේ.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය සහ ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර 3 යටතේ ඉවත්වීමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.