තැපැල් ඡන්දය පැවැත්වෙන දින වෙනස් වෙයි
2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා මෙවර පිළිගත් දේශපාලන පක්ෂ වලින් හා ස්වාධීන කණ්ඩායම්වලින් අපේක්ෂකයින් 80,000කට ආසන්න පිරිසක් ඉදිරිපත්ව සිටී.
එම පිරිස ඉදිරිපත් වූයේ පිළිගත් දේශපාලන පක්ෂ 107 කින් හා ස්වාධීන කණ්ඩායම් 49 කින් ය.
ඉන් සභිකයින් 8500කට ආසන්න පිරිසක් තෝරාපත් කර ගැනෙනු ඇති.
නාමයෝජනා භාර ගැනීම ඊයේ දහවල් 12 ට අවසන් විය.
ඡන්ද විමසීම සඳහා පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍ර රැසක්ද ප්‍රතික්ෂේප වී තිබේ.
මැතිවරණ කොමිසම පැවසුවේ, මැයි 06 වැනිදා පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන බවයි.
මේ අතර, මැතිවරණ අපේක්ෂකයින්ගේ නම් ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම ඉදිරි සතිය තුළ සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එළැඹෙන ජූනි මාසයේ සිට තවත් පවුල් ලක්ෂ 4කට අස්වැසුම ප්රතිලාභය ලබාදීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට් බදුවලින් නිදහස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.