ආනයනික වාහන සඳහා රජය මාස තුනකට 50% අධිභාරයක් පනවයි
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
දෙස් - විදෙස් නිරීක්ෂකයින් 8000 කට ආසන්න පිරිසක්, ජනාධිපතිවරණ නිරීක්ෂණ ක්‍රියාවලියේ නිරත වේ.
ජාත්‍යන්තර නිරීක්ෂකයින් 116 දෙනෙකු ඊට ඇතුලත් අතර ජාතික මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ, ඉන් 78 දෙනෙකු යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂකයින්, 22 දෙනෙකු පොදු රාජ්‍ය මණ්ඩලීය නිරීක්ෂකයින්, 9 දෙනෙකු ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලය නියෝජනය කරමින් පැමිණි නිරීක්ෂකයින් බවයි.
මේ අතර, මැතිවරණ කොමිසමේ ආරාධනය මත දකුණු ආසියානු කලාපීය රටවල නියෝජිතයින් 7 දෙනෙකු ද මෙවර මැතිවරණ නිරීක්ෂණ ක්‍රියාවලිය සඳහා පැමිණි බව ජාතික මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.
ඔවුන් මැතිවරණ දිස්ත්‍රික්ක 22 ම ආවරණය වන පරිදි නිරීක්ෂණ ක්‍රියාවලියේ නිරත වේ.
ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ද, විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක ය.
නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය හෙවත් පැෆරල් සංවිධානයෙන් නිරීක්ෂකයින් 4000 කට අධික සංඛ්‍යාවක්, ඒ සඳහා යොදවා තිබේ.
කැෆේ සංවිධානයෙන් යොදවා ඇති නිරීක්ෂකයින් සංඛ්‍යාව, 1750 කි.
ජංගම නිරීක්ෂණ රථ 120 ක්, ඒ සඳහා යොදවා ඇතැයි කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ මනාස් මකීන් සඳහන් කළේ ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර පළාතේ වීදි සතුන් මුහුණ දෙන ගැටලු සඳහා තිරසාර විසඳුමක් ලබාදීමේ අරමුණින් එම සතුන් වෙනුවෙන් විශේෂ රැකවරණ මධ්‍යස්ථාන සහ සත්ව ආදාහනාගාර පහසුකම් ඇති කිරීමේ නව ව්‍යාපෘතියක් රජය ආරම්භ කර තිබේ.