මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කෙරේ
මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වනවිට පාලනය කර ඇති පොලීසිය පවසයි.
ජනාධිපතිවරණයේ ආරක්ෂාව ඇතුළු අනෙකුත් රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 63,000ක් යොදවන බව පොලීසිය පවසයි.
පොලිස් මුලස්ථානය සඳහන් කළේ, ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන, ඡන්ද වීමසීමේ මධ්‍යස්ථාන ඇතුළු කටයුතුවල ආරක්ෂාව සඳහා එම පොලිස් නිලධාරීන් යොදවන බවයි.
මේ අතර ආර්ථික මරමස්ථානවල ආරක්ෂාව සඳහා යුද හමුදාව යොදවන බව පොලීසිය ප්‍රකාශ කළේ ය.
පොලීසියේ සහයට සිවිල් ආරක්ෂක භටයින් 10,000ක් යෙදවීමට නියමිතයි.
ජංගම සංචාර සඳහා පොලිස් විශේෂකාර්ය බලකාය අනියුක්ත කිරීමට නියමිතය.
මේ අතර ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයේ ඡන්ද මධ්‍යස්ථානවල කිසියම් පුද්ගලයෙකු කලහකාරිව කටයුතු කළ හොත් උපරිම බලය යෙදවීමට පොලීසියට උපදෙස් දී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පැවසීය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වනවිට පාලනය කර ඇති පොලීසිය පවසයි.
UPDATE : 07.20 මහර බන්ධනාගරයේ අද (01) පස්වරුවේ ඇති වූ ගැටුමෙන් තුවාල ලැබු රැඳවියෙක් මියගොස් තිබේ.
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම නියම කර තිබේ.