හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම නියම කර තිබේ.
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක රුපියල් කෝටි ලක්ෂයකට වටිනාකමින් යුත් මහා පරිමාණ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති 50 ක් පිළිබඳ ජනතාවට තොරතුරු හෙළි කර ඇති ප්‍රතිශතය සමස්තයක් ලෙස සියයට 36 ක් බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.
2016 තොරතුරු දැනගැනීමේ පනතෙහි වගන්ති අංක 9 ප්‍රකාරව ව්‍යාපෘතියකට අදාළ තොරතුරු කාණ්ඩ 5ක් යටතේ ප්‍රසිද්ධ කළ යුතු බවත් ව්‍යාපෘතියේ විස්තර, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ පදනම සහ ප්‍රතිලාභීන්ගේ විස්තර, ව්‍යාපෘතියේ අයවැය සහ මුල්‍ය වාර්තා, ව්‍යාපෘතියට අදාළ අනුමැතීන්, ව්‍යාපෘතියේ ප්‍රසම්පාදන තොරතුරු සහ කොන්ත්‍රාත්තු එම කාණ්ඩ 5 බවත් වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.
ප්‍රසම්පාදනය සම්බන්ධ තොරතුරු පමණක් සැලකුවහොත් එම ව්‍යාපෘති 50 පිළිබඳ ජනතාවට තොරතුරු හෙළි කර ඇත්තේ සියයට 21 ඉතාමත් අඩු ප්‍රතිශතයක් බව ද වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය. එම මහා පරිමාණ ව්‍යාපෘති 50 න් 21ක් දේශීය ණය සහ ප්‍රදානයන් යටතේ ද, 29ක් විදේශීය ණය සහ ප්‍රදානයන් යටතේ ද, ක්‍රියාත්මක වන බව වෙරිටේ රිසර්ච් ආයතනය සඳහන් කළේය.
තොරතුරු හෙළි නොකිරීම වංචා සහ දූෂණවලට ඉනිමං තැනීමක් බවත් මහා පරිමාණයෙන් මුදල් ගැවසෙන ප්‍රසම්පාදන ක්‍රියාවලිය සැලකූ විට එය වඩා බරපතළ බවත් වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.
මහා පරිමාණ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිවල අකටයුතුකම් සිදුවුවහොත් එය රටේ ආර්ථිකයට තදින්ම බලපාන බව ද වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.
(lankadeepa.lk - විමුක්ති එස් රුද්‍රිගු)
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම නියම කර තිබේ.
මාසික ඉන්ධන මිල සංශෝධනය යටතේ අගෝස්තු මාසයේ දී ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදුනොවන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදලක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව (ADB) අනුමැතිය ලබාදී තිබේ.