විදුලි ගාස්තුව ඉහළට
2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනය කිරීමට මහජන උපයෝගීතා කොමිසම ඒකමතික තීරණයක් ගෙන තිබේ.
ජනාධිපතිවරණ අපේක්ෂකත්වය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළ අපේක්ෂකයන් 40 න් අපේක්ෂයන් 39 ක් නාම යෝජනා භාර දුන් බව මැතිවරණ කොමිෂන් සභාව නිල වශයෙන් නිවේදනය කළේය.
ඒ අනුව ඇප තැන්පත් කළ එක අපේක්ෂකයෙක් පමණක් නාමයෝජනා මේ දක්වා ඉදිරිපත් කර නොමැති බව එම කොමිසම වැඩිදුරටත් සඳහන් කළේය.
එම කටයුතු අද (15) පෙරවරු 9ට රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී ආරම්භ වුණි.
පෙරවරු 11 දක්වා නාමයෝජනා භාර ගැනීම සිදුවිය.
පිළිගත් දේශපාලන පක්ෂවලින් අපේක්ෂකයින් 22ක්, ස්වාධීන අපේක්ෂකයින් 17 දෙනෙකු සහ වෙනත් දේශපාලන පක්ෂයකින් එක් අපේක්ෂකයෙකු මෙවර ජනාධිපතිවරණයට නාම යෝජනා භාර දී තිබුණි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස නාම යෝජනා භාරදීම සිදුකළ අතර සජිත් ප්‍රේමදාස සමගි ජනබල වේගය පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා නාම යෝජනා භාර දෙනු ලැබීය. ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක එම පක්ෂයේ අපේක්ෂකයා ලෙස නාමයෝජනා ඉදිරිපත් කිරීම සිදුකළ අතර නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස නාම යෝජනා භාරදීම සිදුකළේය.
මීට අමතරව දිලිත් ජයවීර, විජේදාස රාජපක්ෂ, සරත් ෆොන්සේකා, රොෂාන් රණසිංහ, ජනක රත්නායක යන අය ද නාමයෝජනා භාරදුන්හ.
නාම යෝජනා සඳහා විරෝධතා ඉදිරිපත් කිරීමට පෙරවරු 11 සිට පෙරවරු 11.30 දක්වා අවස්ථාව ලබා දී තිබේ.
නාමයෝජනා භාරගැනීමේ කටයුතුවලින් අනතුරුව ඉදිරිපත් වූ විරෝධතා සලකා බලා ජනාධිපතිවරණයට තෝරාගනු ලැබූ අපේක්ෂකයින් පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
අනතුරුව ස්වාධීනව ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින් සඳහා ඡන්ද සලකුණු නිකුත් කිරීම ද සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනය කිරීමට මහජන උපයෝගීතා කොමිසම ඒකමතික තීරණයක් ගෙන තිබේ.
රට තුළ පවතින වියළි සහ නියං කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉදිරි සති දෙක තුන තුළ දී දිනකට පැය කිහිපයකට ජල සැපයුම සීමා කිරීමට සිදුවනු ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති, ඉංජිනේරු චන්දන බණ්ඩාර පවසයි.
මාර්තු 23, 24, 26 යන තෙදින තුළ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවය සඳහා බත්තරමුල්ල සුහුරුපායේ ප්‍රධාන කාර්යාලය හා පළාත් කාර්යාල වෙත පැමිණ ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට නොහැකි වූ සේවාලාභීන්ට පමණක් අද (30) දින එක්දින සේවය මඟින් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට කටයුතු සූදානම් කර ඇති බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.